By unusuma.lk on
(LK time)නොච්චියාගම පොලිසිය පවසන්නේ වයස අවුරුදු 15ක බාල වයස්කාර පාසල් දැරියක් කාලයක් තිස්සේ අතවරයට ලක් කර, එම දැරිය ගැබිනියක් බවට පත් කළ ඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස 49ක දැරියගේ මවගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගත් බවයි.
පොලිසිය පවසන්නේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ බාලවයස්කාරිය පසුගිය දිනක නිවසේදී සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතරතුර ඇය ගැබිනියක් බව අනාවරණය වී ඇති බවයි.
පසුව නොච්චියාගම පොලිසියේ නිලධාරීහු පිරිසක් විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැරියගේ මවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.