වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් සම්පූර්ණ වීමත් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ජන රැළි කිහිපයක් පැවැත්වූ අතර එහිදී සිදුකළ ප්‍රකාශවල සඳහන් වූ විශේෂ කරුණු කිහිපයකි.
1.පාතලයට කිසිදු සමාවක් නෑ. පාතාලය සහ කුඩු ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කරනවා.
2.මේ අවුරුදු දෙකේ වැඩි කාලයක් කරලා තියෙන්නේ පරීක්ෂණ. දැන් පරීක්ෂණ කරපු කාලය ඉවරයි. දැන් අල්ලන්න තියෙන්නේ.
3.පොහොර සහනාධාරය එළඹෙන 2027 අයවැයේදීත් ඊළග කන්න සහ දිගටම රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම.
4.පරිවාස භාරයේ සිටින සෑම දරුවෙක්ට 2027 ජනවාරි මාසයේ ඉදන් සෑම මාසෙකට රුපියල් 5,000 ගානේ ස්ථාවර ගිණුමකට දානවා.
5.රටේ මහජනයාගේ ධනයෙන් සතයකට හරි අත තිබ්බොත් කවදාහරි දඩුවමක් ලැබෙන බව ඔප්පු කර පෙන්වනවා.
6.දූෂිතයින්ට දඬුවම් ලබාදීමේදී කවුරු ඇඬුවත් ඒක අපිට පේන්නේ නෑ. අපි ඇස් බැඳගෙන ඉන්නේ.
7.රාජ්‍ය සේවයට අලුතින් 121,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
8.දිවයින පුරා වැව් අමුණු, ඇල වේලි හදන්න රුපියල් මිලියන 35,000ක් වෙන් කරනවා.
9.දරුවන් ගණන 50ට වඩා අඩු පාසල් ලොකු පාසල් සමග බද්ධ කරනවා.
10.පාසල් පොත්වල වැට් බද්ද ඉවත් කරන්න කටයුතු කරනවා.
11.අපි මේ රැස්වීම් තියන්නේ ආණ්ඩුවට තර්ජනයක් ඇවිල්ලා නෙවෙයි. මේ ආණ්ඩුවට කිසිම තර්ජනයක් නෑ.
12.වසර කිහිපයක් ඇතුළත ආර්ථික වශයෙන් ස්වාධීනත්වය අත්පත් කර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර තිබෙනවා.
13.මැදපෙරදිග යුද්ධය නිසා, අපි පාවිච්චි කරන තාර වර්ගය මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රශ්නයක්. එනිසා සැලසුම් කළ මාර්ග ඉදිකිරීමේ ප්‍රමාදයක්.
