දිස්ත්‍රික්ක රැසකට මි.මී 200ට වැඩි තද වැසි.. අනතුරු අඟවයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest