හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) දින කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවේය.
නඩුව කැඳවු අවස්තාවේදි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය දෙසැම්බර් මස (09) වැනිදා යළිත් කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
2023 වසරේදී රනිල් වික්රමසිංහ සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකර ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ විමර්ශන ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ සඳහන් කළේය.
