මහ බැංකු බෝලෙට රවීගෙන් පාස් එකක්.. ඩෑෂ් එක රනිල්ට.!

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නව හෙළිදරව්වක් කරමින් පවසා සිටියේ යහපාලන සමයේ මහ බැංකුව පැවති අයිතිය තමන් නොව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුව පැවති බවයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හෙතෙම, “මහ බැංකුව භාරව තිබුණේ එවකට හිටිය අගමැතිට මිස මට නෙමෙයි. රාජ්‍ය බැංකු තිබුණෙත් කබීර් හෂීම් යටතේ මිස මගේ යටතේ නෙමෙයි” යැයි පැවසීය.

තමන්ට අදාළ නොවන කරුණක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බව පැවසූ ඔහු, “අහක යන ප්‍රශ්න ඇගේ වදිනවා වගේ වැඩක් තමයි මට සිද්ධ වුණේ. ඇත්තටම වැරැදිකාරයෙක් නම් අද මට මෙහෙම ඉන්න බැහැනේ” යනුවෙන්ද සඳහන් කළේය.

වරලත් ගණකාධිකාරීවරයෙකු වන තමන් ජීවිතය ගැටගසා ගැනීමට නොව දේශපාලනය කරන බව පැවසූ කරුණානායක මහතා, ආසියාවේ හොඳම මුදල් ඇමති බවට පත්වූයේ හේතුවක් නිසා බවද පෙන්වා දුන්නේය. “හරියට වැඩක් කරන කෙනෙක්ට ඉදිරියට එන්න නොදී මොනම හරි හේතුවකින් ඒ පුද්ගලයාගේ ගමන් මග අසුරන එක තමයි ලංකාවේ සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මටත් සමහරු එක එක කතා කිව්වා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.