By unusuma.lk on
(LK time)අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් ආනයනය කිරීමේදී දැනට පනවා ඇති සහල් ආනයන බද්ධ අඩුකර ආනයනයට අවස්ථාව ලබාදෙන ලෙසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ දැනට රුපියල් 65ක් ව පවතින සහල් සඳහා ආනයනික බද්ද රුපියල් 40 පම අඩුකර ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නම් සහන මිලකට ජනතාවට සහල් අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පිටකොටුව තොග වෙළඳපොලේ ද දැනට ඇත්තේ සතියකට පමණ ප්‍රමාණත් සහල් තොග බවයි.
මෙලෙස ආනයනික බද්ද රුපියල් හතළිහක් දක්වා අඩු කළහොත් ආනයනික සහල් කිලෝවක් රුපියල් 180ක් වැනි තොග මිලට අලෙවි කිරීමට හැකි බවද වෙළඳුන් පෙන්වා දෙති.