2026 රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට රුමේෂ් තරංග සමත් විය.
රුමේෂ් තරංග මෙම තරගය ජයගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් ඇතුළුව තවත් වාර්තා රැසක් පිහිටුවමින් වන අතර ඔහු මෙම තරගයේදී මීටර 92යි දශම 6යි 2ක දක්ශතාවක් ප්‍රදර්ශනය කළේය.
එම දක්ෂතාවත් සමග ඉතිහාසයේ මෙතෙක් හොඳම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 8වැනි ස්ථානයට පත් වීමට සහ ඉතිහාසයේ දෙවැනි හොඳම ආසියානු හෙල්ල විසි කරන්නා බවටද පත්වීමට ඔහුට හැකි විය.
මෙවර තරග සමයේදී හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වට ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වන අතර පසුගිය වසර 4ක කාලය තුළ මෙම ඉසව්වට ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ද මෙය වේ.
