සජබ මන්ත්‍රීවරියන්ට කැකිරාව තහනම්.!

කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේග ලැයිස්තු මන්ත්‍රීධූරයට කාන්තාවන් පත්කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් ඊයේ (02) නිකුත් කර ඇත.

සජබ සාමාජිකයන් වන චන්දිම ගමගේ සහ අයි.එම්.පි.කේ. ඉලංගසිංහ යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කැකිරාව ප්‍රාදේශි සභාව, තේරීම් බාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

අදාළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා බල පැවැත්වෙන අන්දමට අදාළ අතුරු නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණය පත්වීම සම්බන්ධයෙන් කැකිරාව තේරීම් භාර නිලධාරියා නිකුත් කළ ලිපි ක්‍රියාත්මක කිරිම වළකාලමින්ද අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජනබලවේගය පක්‍ෂයට එක් මන්ත්‍රී ධූරයක් සහ ලැයිස්තු මන්ත්‍රීධුර තුනක් හිමිවු බවත් මැයි 20 දා නමින් යුතු ලිපිය මගින් කැකිරාව තේරීම් භාර නිලධාරිවරයා මෙම ලැයිස්තු මන්ත්‍රීධුරයන් සඳහා කාන්තාවන් තිදෙනකු නම් කිරීමට තීරණය කර ඇතැයි දැනුම් දී තිබුණි.

එම තීරණය පළාත් පාලන මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් නීතියට පටහැනි බවත් ස්වභාවික යුක්ත මූලධර්මයට පටහැනි බැවින් තේරීම් භාර නිලධාරිවරයාගේ අදාල තීරණය බලරහිත කරන රිට් ආඥාවන් නිකුත් කරන්නැයිද අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිට ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments