By unusuma.lk on
(LK time)මේ වනවිට දිවයින පුරා බෝවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ මී උණ, ලේ අතීසාරය, පාචනය, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවද එම සංගමය සදහන් කරයි.
මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසුදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමට යොමුවිය යුතු බවත් එම ආහාර උණුවෙන් සකස් කර ලබාගත යුතු බවත් ජලය උණුකර නිවාගත් ජලය හෝ බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කළ යුතු බවද එම සංගමය සදහන් කරයි.
ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක්, සීරිමක්, සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැළඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසද එම සංගමය සදහන් කරයි.