ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ලෝකප්‍රකට මාධ්‍යවේදියෙක්.!

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනුයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ලෝකප්‍රකට මාධ්‍ය ආයතනයක සේවය කළ සම්මානනීය මාධ්‍යවේදියෙකු පත් කිරීමට නියමිත බවයි.

ඔහු ලෝකප්‍රකට විදෙස් මාධ්‍ය ආයතනයක සේවය කරනු ලබන ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ප්‍රකට ඡායාරූප ශිපියෙකු බවත් වැඩිදුරටත් පැවසේ.

අදාල මාධ්‍යවේදියා වසර ගණනාවක් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ කටයුතු කරමින් විදෙස් රටක ජීවත්වූ අයෙක් බවත් ජනපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත මෙම තනතුර සඳහා කැඳවීමට නියමිත බවත් සඳහන්.

මේ වනවිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ කටයුතු කරනුයේ නජිත් ඉන්දික මහතා වන අතර ජාතික ලැයිස්තුව හරහා ඔහුට පාර්ලිමේන්තු වරම් හිමිවීමෙන් පුරප්පාඩු වූ එම තනතුරට මෙම පත්කිරීම යෝජනා වී ඇත.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් නොබෝ දිනකින් එම තනතුරට අනුයුක්ත කිරීමටත් නියමිත බව සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.