ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගය ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 430ක් රැස්කරගනිමින් තරගය ජයග්රහණය කළේය.
ජාත්යන්තර එක්දින ක්රිකට් පිටියේ කණ්ඩායමක් හඹාගොස් ජයග්රහණය ලැබූ දෙවන හොඳම ජයග්රහණය ලෙස වාර්තා අතරට එක්විය.
