සුජීවගේ නිවස පරීක්ෂා කිරීම ආණ්ඩුවෙන් දැමූ සත්තමක්.?

අද (6) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් නිවසේ එකලස් කරන ලද වාහනයක් සහ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් ඇති බවට ලද තොරතුර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි.

ඊයේ (5) දිනයේ ලද තොරතුරට අනුව සේනසිංහ මහතාගේ නිවස පානදුර, වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් පරික්ෂා කරනු ලැබීය..

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූවේ මෙම වාහන සම්බන්ධ පරීක්ෂණ කිසිවක් සඳහා ආණ්ඩුවේ ඍජු මැදිහත්වීමක් නොමැති බවත් ජනතාව විසින් ලබාදෙන තොරතුරු වලට අනුව පොලීසිය විසින් ස්වාධීනව විමර්ශන කටයුතු සිදුකරනා බවත් ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.