අධික උෂ්ණත්වය

දවස් හතරට පන්සියයක් මරුට.!

දවස් හතරට පන්සියයක් මරුට.!

අසල්වාසී පාකිස්තානයේ දේශගුණික ව්පර්යාස හේතුවෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය දරාගත නොහැකි විමෙන් එරට විශාලතම නගරය වන කරච්චි නගරයේ වැසියන් 500 අධික සංඛ්‍යාවක් ඉකුත් දින හතරක කාලයේ දී මියගොස් ඇති බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.

එරට ක්‍රියාත්මක වන ඒඩ්හි ගිලන්රථ සේවාවට අනුව ඔවුන් සාමාන්‍ය දිනවල දිනපතා කරච්චි නගරයේ සිට මෘත ශරීරාගාර වෙත මෘත දේහ 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ප්‍රවාහනය කළ නමුත් ඉකුත් සිකුරාද‍ා සිට බදාදා දක්වා ගත වූ දින 6ක කාලයේ දී මෘත දේහ 568ක් මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර ඇති බව පාකිස්තානු මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් අධික උණුසුම් තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට කාලගුණ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Loading

උෂ්ණත්වයය හේතුවෙන් මෙරට තවත් මරණයක්.. දිවා කාලයේ මත්පැන් පානය මාරාන්තිකයි.!

උෂ්ණත්වයය හේතුවෙන් මෙරට තවත් මරණයක්.. දිවා කාලයේ මත්පැන් පානය මාරාන්තිකයි.!

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් රෝගාතුරව යාපනය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි තවත් පුද්ගලයෙකු අද (13) මිය ගිය බව
යාපනය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු දහවල් මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසෙට පැමිණි අවස්ථාවේ සිහිසුන්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතත් විජලනය තත්වය හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මීට පෙරද අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් කිහිපදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ දිනවල උතුරු , උතුරුමැද හා නැගෙනහිර පළාත්වල උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ මට්ටමක පවතින බව සඳහන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කල විශ්ලේෂණයකදී අනාවරණයවී ඇත්තේ වසර 08කට පසු මේ වසරේ දිවයිනේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.

Loading

ශ්‍රී ලංකාවේ වසර 8 කට පසු ඉතා අවධානම් තත්වයක්.!

ශ්‍රී ලංකාවේ වසර 8 කට පසු ඉතා අවධානම් තත්වයක්.!

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත් වී සිටිති.

මෙරට පවතින උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 27ත්29 අතර වන නමුත් උතුරු ,උතුරු මැද හා නැගෙනහිර පළාත් වල පසුගිය දිනයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ බව වාර්තා විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය තිලක් විජයතුංග බණ්ඩාර මහතා පවසන්නේ මෙය වසර 08 පසු දිවයිනේ වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය බවයි.

අවසන් වරට මෙවැනි ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේදී වන අතර මෙමෙ උෂ්ණත්වය ඉහල යෑමට මූලිකව දේශගුණික හේතු බලපා ඇතයි විජයතුංග බණ්ඩාර මහතා පවසයි,

මෙම තත්වය ඉදිරි සති කිහිපය තුළ පහව යාමට නියමිත බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බව ඒ මහතා අවධාරණය කරයි.

Loading

අධික උෂ්ණත්වය මාරාන්තිකයි.. යාපනයෙන් මරණ 4ක් වාර්ථා වෙයි.!

අධික උෂ්ණත්වය මාරාන්තිකයි.. යාපනයෙන් මරණ 4ක් වාර්ථා වෙයි.!

දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වයෙන් ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් යාපනය ශික්ෂණ රේහලේදී පැවති අතර එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍යවරුන් පවසා සිටියේ, පසුගිය සතිය තුලදී තාප ආගාතය බලපෑම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලැබූ රෝගීන් සිව් දෙනෙකුට මිය ගොස් ඇති බවයි.

නේවාසිකව ඇතුලත් කරනු ලැබූ රෝගීන් එම රෝගීන්ට තිබූ විවිධ රෝග හේතුවෙන් මිය ගියද එම රෝගීන්ගේ රෝගී තත්වයන් මාරාන්තික වීමට අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ තාප ආගාතය ප්‍රධාන වශයෙන් බලපෑ බවත් ඒ හේතුවෙන් වකුගඩු, හෘදයේ සහ පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයද අඩපන වීමෙන් මෙම මරණ සිදුව ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දුන්හ.

සෙල්සියස් අංශක 40 කට අධික උෂ්ණත්වයක් පසුගිය සතිය පුරාවට යාපනයේ බොහෝ ස්ථනයන්හි වර්ථා වූ අතර එය වයෝවෘද්ද පිරිස් වෙත ඔරොත්තු නොදෙන මට්ටමක උෂ්ණත්වයක් බව පෙන්වාදුන් වෛද්‍යවරුන් ජනතාව වෙත නිර්දේශ කර සිටියේ ශරීරයේ ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගැනීම සඳහා කොමඩු, පිපිංඥා, කරවිල, ආදී දෑ නිතර ආහාරයට ගන්නා ලෙසත් එමෙන්ම තාප ආගතය වැලඳීමෙන් ආරක්ෂ වීමට නිතරම තමන්ගේ මුහුණ මෙන්ම ඇහිබැමද සේදීමට ලක් කරනා ලෙසටත්‍ ය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close