රූමත් තරුණ නීතිඥවරියක් අභිරහස් ලෙස මියයයි.!

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසකදී අභිරහස් ලෙස මියගොස් සිටි රූමත් තරුණ නීතිඥවරියකගේ මළසිරුරක් අද (31) දින සොයාගෙන ඇත.

දුෂ්මන්ති අබේරත්න නම් 40 හැවිරිදි නීතිඥවරියගේ සිරුර අද උදෑසන ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය සඳහන් කරයි.

මෙම මරණය ඉතාමත් සැකසහිත බව එම නීතිඥවරියගේ පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලීසියට දැනුම්දී ඇති බවද සදහන් කරයි.

මියගිය නීතිඥවරිය ඊයේ රාත්‍රියේ ජංගම දුරකථනයෙන් පවුලේ අයෙකුට යොමු කර තිබූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කරයි.

අභිරහස් ලෙස මියගිය නීතිඥවරියගේ සැමියා ඊයේ (30) දින රාත්‍රියේ සිට එම නිවසේ සිට නොමැති බවට වාර්තා වූ බවද පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close