බාල බෙහෙත්

කෙහෙලිය ඇතුළු නඩයේ ඇප ඉල්ලීමට උසාවියෙන් සැර පිළිතුරක්.!

කෙහෙලිය ඇතුළු නඩයේ ඇප ඉල්ලීමට උසාවියෙන් සැර පිළිතුරක්.!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම පිළිබඳ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (14) යළි කැඳවනු ලැබීය.

එම සිදුවීමට අදාළව මාස 07ක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසගේ ඇප ඉල්ලීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙ විසින් අදත් (14) ප්‍රතික්ෂේප කළේ නැවතත් එම පිරිස ජුනි 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමිනි.

මේ අතර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දුන්නේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් තමා පෙනී නොසිටින බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් අවසන් නඩු වාරයෙන් පසු මේ දක්වා සිදුකළ විමර්ශන පිළිබඳ කරුණු අධිකරණ හමුවේ මෙසේ ඉදිරිපත් කරන ලදී.

“ස්වාමිනි, දැනට සිදුකළ විමර්ශනවලදි හෙළිවෙලා තියෙනවා, මෙම ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට සති කිහිපයකට පෙර එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ මෙම නඩුවේ 12 වන සැකකරු වන විජිත් ගුණසේකර පෞද්ගලිකව මෙම කර්මාන්ත ශාලාවේ ස්ථානීය පරීක්ෂණයක් කර ඇති බව. එමෙන්ම අපි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු සඳහන් කළේ ඔහු රාජකාරි කටයුතුවලදි නිල මුද්‍රා 2ක් පමණක් භාවිත කළ බව. එහෙත් ඔහු මුද්‍රා 12ක් භාවිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ අතර පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඇප අයදුමක් ඉදිරිපත් කළා. ස්වාමිනි නාසා එකෙත් ලංකාවේ විද්‍යාඥයෝ ඉන්නවා. ඔවුන් යම් සොයාගැනීමක් කළොත් විශිෂ්ටයි. නමුත් විද්‍යාඥයෙක් වන මගේ සේවාදායකයා ඖෂධයක් නිෂ්පාදනය කළ පමණින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලිව දැන හිටියා මොහු මේ ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කරන බව. දැනටම මගේ සේවාදායකයා මාස 07ක් රිමාන්ඩ් භාරයේ ඉන්නේ. එබැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා මොහුට ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා “

එම කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ,

“මාල කඩපු සාමාන්‍ය නඩුවක් නෙමෙයි මේක. සැකකරුවන් මාස 07ක් රිමාන්ඩ් භාරයේ සිටියත් ඇප ලබාදීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් විය යුතුයි. එබැවින් අධිකරණය ඉතා විනිවිඳභාවයෙන් දෙපාර්ශ්වයේම කරුණුවලට අවධානය නිකුත් කරලයි තීන්දු තීරණ ගන්නේ.”

නැවත මෙම නඩුව ජුනි මස 28වැනිදා කැඳවීමට නියෝග කරනා ලදී.

Loading

මෙරට ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට ජාත්‍යන්තරය මැදිහත් වෙයි.!

මෙරට ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියට ජාත්‍යන්තරය මැදිහත් වෙයි.!

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සදහන් කළේ මෙරට සිදුවූ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඊයේ(20) ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළ බවයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළේ 2022 හා 2023 වසර වලිදි ප්‍රමිතියෙන් තොර ඹෟෂධ ගෙන්විම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් ඹෟෂධ ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, මේ පිලිබද පසුගිය දා එලි දැක්වු විගණන වාර්තාවකින් තහවුරු වන බවත් ය.

ඒ අනුව මෙම පැමිණිල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලයට භාර දිමට කටයුතු කල බවත් ඒ සමඟ අදාල විගණන වාර්තවේ පිටපත් ද ඇතුලත් කල බවත් සභාපති වරයා පවසා සිටියේ ය.

Loading

බාල බෙහෙත් මරණ එකින් එක වැඩි වෙයි.. ඉතිරි බෙහෙත් තොග එකින් එක අඩු වෙයි.!

බාල බෙහෙත් මරණ එකින් එක වැඩි වෙයි.. ඉතිරි බෙහෙත් තොග එකින් එක අඩු වෙයි.!

පසුගියදා විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ 2022 – 2023 වසරවල රටේ ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව පිටු 850කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් පද්ධතියක් සම්බන්ධව විගණකාධිපතිවරයෙක් නිකුත් කළ විශාලතම විගණන වාර්තාව ලෙස ඉතිහාස ගත වේ.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ,

හෘද, අක්මා, වකුගඩු හා අධි රුධිර පීඩනය වැනි රෝගවලට භාවිත කරන ඖෂධයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 98ක්ම ළමා රෝහල් ඇතුළු රජයේ රෝහල්වල රෝගීන්ට ලබා දී ඇති බවයි.

එමෙන්ම රෝගීන් දෙදෙනෙක් මියයෑම හේතුවෙන් එක්තරා නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කිරීමට නිර්දේශ කරන අවස්ථාව වනවිටත් එම ඖෂධ තොගයෙන් 50% ක් රෝගීන්ට නිකුත් කර ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් වේ.

2020 වසරේදී මෙරටට ආනයනය කරන ලද හෘද, අක්මා, වකුගඩු රෝග හා අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්වලදී භාවිත කරනු ලබන ෆියුරොසිමයිඩ් (Furosemide) සිරජ් බෝතල් 6,000ක තොගයක් තත්ත්වයෙන් අසමත් බව වාර්තා වන විටත් එම ඖෂධ තොගයෙන් 98%ක ප්‍රමාණයක් රිජ්ජේ ආර්යා ළමා රෝහල ඇතුළු රජයේ රෝහල්වල රෝගීන් සඳහා නිකුත් කර ඇති බව මෙම විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.

රුපියල් මිලියන 40කට අධික මුදලක් වැය කර හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් නිර්වින්දන ඖෂධයක් වන බියුපිවැකෙන් (Bupivacaine) ඖෂධයේ එන්නත් 68,750ක තොගයක් හෙන්වා ඇති අතර එම ඖෂධය භාවිතයෙන් පසු ජේරාදෙණිය ශික්ෂණ රෝහලේදී කාන්තාවන් දෙදෙනෙක් මියයෑමෙන් පසුව එම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ කෙරුණද ඒ වනවිටත් එම ඖෂධ තොගයෙන් සියයට 50ක්ම රෝගීන් වෙත නිකුත් කර තිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් පැවසේ.

විගණන වාර්තාවේ දැක්වෙන්නේ, එම ඖෂධ රෝහල් වෙත නිකුත් කිරීමට පෙර ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය මගින් ඖෂධවල තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොතිබූ බවද තහවුරු වන බවයි.

මේ අතර විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් මෙම විගණන වාර්තාවේ දත්ත පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පැමිණිල්ලක් ගොනු කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close