හරිනි අමරසූරිය

ජනාධිපතිවරණය පරාජයවීම සක් සුදක් සේ පැහැදිලියි.!

ජනාධිපතිවරණය පරාජයවීම සක් සුදක් සේ පැහැදිලියි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ ආණ්ඩුව කුමන ආකාරයෙන් උත්සාහ කළත් මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්ය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතු බව මන්ත්‍රීවරියා වැඩිදුරටත් පැවසීය.

විවිධ පාර්ශව හරහා ප්‍රකාශ සහ අදහස් සමාජ ගත කිරීම තුලින් පෙනී යන්නේ මැතිවරණය පිළිබඳව ජනතාව තුළ ඇති වී තිබෙන විශ්වාසය උනන්දුව බාල කිරීම සඳහා දරන බාල උත්සාහයක් බවත් ඇය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය,

“ආණ්ඩුව පරදින බව සක්සුදක් සේ දන්නවා. ඒ පරාජයට මුහුණ දෙන්න බැරුව බියෙන් තමයි ජනමතය දුර්වල කරන්න උත්සාහ කරන්නේ. ජනතාව ඒ දේවල් පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර දිනයක අනිවාර්යෙන්ම තිබිය යුතුයි”

Loading

ගැහැණු එක මිටට කොසු මිට අරන් එයි.?

ගැහැණු එක මිටට කොසු මිට අරන් එයි.?

පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය සඳහන් කළේ මැතිවරණය කල් දැමීමට කිසිවකු එකඟ නොමැති බවත් බව එවැනි ක්‍රියාවක් කිරීමට සැරසෙන්නේනම් මෙරට කාන්තාවන් කොස්ස රැගෙන පාරට බැසීමට සූදානම් බවත්ය.

ඇය වැඩිදුරටත් පැවසූවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්ෂ වන්නේ මැතිවරණ කල් දැමීමට මිසක් ඔහු මැතිවරණ ඔහුට මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවත්ය.

ජාතික ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලයක් අමතමින් ඇය ගැහැණු අපි මැතිවරණ කල් දැමීමට කිසි ලෙසක ඉඩ නොතබන බව ජනතාවට අවධාරණය කළාය.

Loading

අපි අයි.එම්.එෆ් එක්ක දැනටමත් සකච්ඡා කර අවසන්.. හරිනි කියයි.!

අපි අයි.එම්.එෆ් එක්ක දැනටමත් සකච්ඡා කර අවසන්.. හරිනි කියයි.!

මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය ක්ර්ථිිය්යා සිටියේ, ආර්ථිකය සිර නොකර ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් තම කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කළ බවද ඇය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියාසිටියේ,

“මේ වන විට ජනතාව මත අසීමිත ලෙස පටවා තිබෙන බර සම්බන්ධයෙන් මෙන්ම ණය කළමනාකරණය කිරීමේදී අපේක්ෂා කරන සහාය පිළිබඳව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ යුතුයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා ජාතික ජන බලවේගයට ඉදිරියේදී ලැබෙන ජනවරම අනුව සමාලෝචනයට ලක්කර නව යෝජනා ඉදිරිපත් කරනවා, ආර්ථිකය වර්ධනය කිරීමට සහ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීමට බාධා වන ලෙස ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ රටේ ආර්ථිකය සිර කිරීමට ජාතික ජන බලවේගය සූදානම් නෑ. ජනතාවට බරක් නොවන ලෙස මේ ක්‍රියාවලි දෙකම සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ,

තම පක්ෂයට දිගින් දිගටම සමඟි ජන බලවේගය සමඟ කරන විවාදයේ එල්ලී සිටීමට නොහැකි බවත්, එම විවාදය ජාතික ජන බලවේගය ඉල්ලූ එකක් නොවන අතර එම විවාදය ඔවුන් කළ යෝජනාවට අනුව අනුර සහෝදරයා වෙනුවෙන් තම පක්ෂය දින ලබාදුන් බවත්ය.

සජබ ආර්ථික කවුන්සිලය හා විවාදයක් පැවැත්වීම ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර නැති බව කියා සිටි ඇය, ජනතාවට මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අදහස් බැවින් එයට ප්‍රමුඛතාව දීමට තීරණය කළ බව පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close