සාම පාගමන සඳහා මෙරටට පැමිණෙන “ආලෝකා” නම් සුනඛයාගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සඳහන් කරයි.
ලෝකයේම පිළිගත් සාමයේ සුරතලෙකු ලෙස සැලකෙන “ආලෝකා”ගේ ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමකින් සපයන බවත් හදිසි අවස්ථා සඳහා කැපවුණු කාර්ය මණ්ඩලයක් සූදානම් කර තිබෙන බවද සඳහන් කරයි.
ඒ අනුව “ආලෝකා” වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක්, ඖෂධ සහ වෛද්‍ය කණ්ඩායම් සූදානම් කර ඇති බවද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සඳහන් කරයි.

