යතුරු පැදි, ත්‍රීවිල්, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ටේලර් හැර, අනෙකුත් සියලුම නව වාහන ලියාපදිංචියේදී හා අයිතිය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය හා බදු ගෙවන්නන් හදුනා ගැනීමේ (TIN) අංකය දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය වේ.
ඒ අනුව ජනවාරි (05) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ (TIN) අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි දත්ත පද්ධතියට සහ අයිතිය පැවරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්යය කර ඇත.

