හෙල්ල විසි කිරීමේ ලෝක ශුරයා වන රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇති බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සදහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) දින සිවිල් ගුවන්සේවා අධිකාරී පරිශ්‍රයේදී පවත්වා තිබුණ අතර එහිදි මෙම වන්දි මුදල ලබාදීමට “Turkish Airlines” ආයතනය එකඟතාව පළකර ඇත.
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් එක්ව සිටියේය.
මෙම විශේෂ සාකච්ඡාවේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට සිදුවූ හානිය සම්බන්ධයෙන් “Turkish Airlines” නියෝජිතයින් සිය කනගාටුව පළකර ඇති අතර අනතුරුව අදාළ හානිය පිළිබඳ තක්සේරුවක් සිදුකර, ඒ වෙනුවෙන් රුමේෂ් තරංගට වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට එකඟ වී ඇත.
