මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයෑම් සහ අනෙකුත් ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම්දීමක් කරයි.
මෙම හදිසි තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා නිල අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් සැලකිල්ලට ගනිමින්, හදිසි අවස්ථාවකට සූදානම් වන ලෙසද ජනතාවට දැනුම් දෙයි.
ඒ අනුව පහත සඳහන් ආරක්ෂක පියවරයන් අනුගමනය කරන්න,
පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් දැනුවත් කිරීම – (පවුලේ සියලුම දෙනා සහ අසල්වැසි ප්‍රජාව ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම.)
හදිසි අවස්ථා බෑගයක් සූදානම් කර තබා ගැනීම – (හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන ඖෂධ, වැදගත් ලියකියවිලි, වියළි ආහාර සහ ප්‍රථමාධාර ඇතුළත් හදිසි බෑගයක් ළඟ තබා ගැනීම.)
කාලගුණික අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් අනුගමනය කිරීම – (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම.)
නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වීම – (පොළොව පැලීම්, ජල මට්ටම්වල හදිසි වෙනස්වීම්, ගස් කඩා වැටීම් හෝ මඩ දිය කාන්දු වීම වැනි නායයෑම් පූර්ව ලක්ෂණ ගැන විමසිලිමත් වීම.)
වහාම ආරක්ෂිත ස්ථාන වෙත යාම – (යම් අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත්, කිසිදු පැකිලීමකින් තොරව වහාම ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් වීම.)
