Advertisements

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන් කරයි.

එනිසා මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest