ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට ඉදිරි දින තුනක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එනිසා ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.
මේ අතර ඉදිරි වාර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.
පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් තෙත් කලාපයේ ඇතැම් ගංඟා ද්‍රෝණිවල ජලමට්ටම් මේ වනවිටත් ඉහළ මට්ටමක පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.
විශේෂයෙන් පොල්අතුමෝදර සහ බෙන්තර වැනි කුඩා ගංඟා ද්‍රෝණිවලද ජලමට්ටම් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ස්ථානවල ජලමට්ටම් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.
ඉදිරි කාලගුණ අනාවැකි අනුව මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට මෙන්ම වියළි කලාපයට ජලය ගලා බසින ගංඟාවලද ජලමට්ටම් ඉහළ යා හැකි බවත් වියළි කලාපයේ ප්‍රදේශ වලට වර්ෂාව ලැබීමත් සමඟ ඇතැම් ගංඟාවල ජලමට්ටම් හදිසියේ ඉහළ යා හැකි බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.
එනිසා ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ජනතාවට දැනුම් දෙයි.

