මාදම්පේ මාරක අනතුරෙන් 35ක් රෝහලේ.. 4කට අසාධ්‍යයි.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති ලොරියක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 35 දෙනෙකු රෝහල් ගතකළ බව මාදම්පේ පොලිසිය පවසයි.

ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

අද (04) උදෑසන හලාවත හරහා කොළඹ බලා ගමන්ගත් ලංගම බස්රථය එහි අධික වේගය පාලනය කරගත නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පටවාගත් ලොරියක ගැටී ඇත.

අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.

වැසි සහිත කාලගුණික තත්ත්වය අතරතුර අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුව බව පොලිස් මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close