ලෝක කුසලාන පන්දු තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වීමත් සමඟ පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන ඇත.
ඩලස් (Dallas) නුවර පැවති මෙම තරඟයේ අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ අතර එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ,
“මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25, 26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට හා ජවය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ.
නමුත් හැම දේකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ මට මගේ පවුලේ අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන්.”
රොනාල්ඩෝ මේ වනවිට බැලන්ඩෝර් (Ballon d’Or) සම්මාන 5ක්, චැම්පියන්ස් ලීග් කුසලාන 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනා ඇති අතර ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන ඇත.
