Local news

සැප්තැම්බර් සිට ජනපති අනුර නැවතත් පිටියට

සැප්තැම්බර් සිට ජනපති අනුර නැවතත් පිටියට

ලබන සැප්තැම්බර් මස සිට ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මස (05) වනදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතුව පාරට බැහැලා කරන්න කියන්න පුළුවන් නම්. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන. එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා,

අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ. අපි ජාතික ජන බලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි  වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.

මේ සැප්තැම්බර් (05) වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න.

එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ.”

කළුතර ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

විශාල නෞකාවක් 24 දෙනෙකු සමග බෙංගාල බොක්කේදී ගිලෙයි

විශාල නෞකාවක් 24 දෙනෙකු සමග බෙංගාල බොක්කේදී ගිලෙයි

බෙංගාල බොක්ක ආශ්‍රිත ඔඩිෂා වෙරළට නාවික සැතපුම් 240ක පමණ දුරින් පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිංගප්පූරුව බලා යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම නෞකාව අනතුරට පත්වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් චීන ජාතිකයින් 20 දෙනෙකු, මියන්මාර ජාතිකයින් තිදෙනෙකු සහ තවත් බංග්ලාදේශ ජාතිකයෙකු සිට ඇත.

රාත්‍රී 11.48ට ඉන්දියාවේ ශ්‍රී විජය පුරම් හී සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට නෞකාව සමග සන්නිවේදනය බිඳ වැටී ඇති බවට පණිවිඩයක් ලැබී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

එම නෞකාව අනතුරට පත්වූ බවට දැනගත් වහාම ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

MV Ocean-Winner නම් වූ මෙම නෞකාව පසුගිය (20) වැනි දින රාත්‍රී 10.30ට පමණ ඔඩිෂාවේ පැරඩිප් වරායෙන් පිටත්ව ඇති අතර එහි යකඩ ලෝහ ටොන් 1,700ක් රැගෙන යමින් තිබූ බව සඳහන් වේ.

දිනෙන් දින ඉහළ යන තෙල් මිල

දිනෙන් දින ඉහළ යන තෙල් මිල

අද (23) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.06ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.39ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 103.05ක් ලෙස ඉහළ ගොස් ඇත.

පාතාලයන් 4කට වැඩ වරදී.. බස් ලලිත් ගේන්න ඩුබායි යයි

පාතාලයන් 4කට වැඩ වරදී.. බස් ලලිත් ගේන්න ඩුබායි යයි

සංවිධානාත්මක අපරාධකරුවන් වන බස් ලලිත්, කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ හා වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිලවශයෙන් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත.

ඒ අනුව බස් ලලිත් නම් අපරාධකරු එළැඹෙන (24) වැනිදා මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සහා දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොණ්ඩ රංජි, ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ඇල්ටෝ ධර්මේ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇත.

තවද බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පසුගිය කාලය පුරා ඝාතන රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින වනාතේ චතූ නැමැත්තා ද ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත.

“ඉතින් අවසරයි යන්නට ආයේ නොයෙන ගමනක්” ජාතියේ යශෝරාවය දැයෙන් සමුගනී

“ඉතින් අවසරයි යන්නට ආයේ නොයෙන ගමනක්” ජාතියේ යශෝරාවය දැයෙන් සමුගනී

දශක ගණනක් පුරා මෙරට අද්විතීය ගායන මෙහෙවරක නිරත වෙමින් සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද (22) දින පස්වරුවේ දැයෙන් සමුගත්තේය.

ආචාර්ය විශාරද නන්දා මාලනි මහත්මිය පසුගිය (20) වැනිදා නාවල පිහිටි නිවසේදි සිය දිවි ගමනට සමුදුන් අතර ඇය මියයන විට 82 හැවිරිදි වියේ පසුවූවාය.

සිය සංගීත ජීවිතය තුළ මෙන්ම තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ පවා ඉතාමත් චාම්, සරළ දිවි පෙවතක් ගත කළ නන්දා මාලනී මහත්මිගේ අභාවය සම්බන්ද පුවත මෙරට සමස්ත ප්‍රජාවම ශෝකයට පත් කරනු ලැබීය.

නන්දා මාලනී මහත්මිගේ අභාවය හේතුවෙන් රජය දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව පසුගිය (21), (22) සහ අද (23) දින දක්වා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

නන්දා මාලනී මහත්මිය විසින් සිය සංගීත ජීවිතය තුළ ගායන කළ ගී රැසක් මෙරට රසික රසිකාවියන් තුළ ඉමහත් ජනාදරයට පත් වු අතර සංගීත ක්ෂේත්‍රයට මිල කළ නොහැකි අමිල මෙහෙවරක් ඉටු කළ ඒ මහත්මිය සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය.

ඇයගේ දේහය නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමය තුළ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණු අතර ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු දේශපාලනඥයින්, කලාකරුවන්, මහජනතාව ඇතුළු නන් දෙසින් බොහෝ පිරිසක් අවසන් ගෞරව දැක්වීය.

ඇයගේ දේහය පිළිබඳව ආගමික වතාවත් අද පෙරවරුවේ සිදු කරනු ලැබූ අතර ඒ සඳහා පවුලේ ඥාතීන් සහ කලාකරුවන් කිහිපදෙනෙකු එක්ව සිටියේය.

අනතුරුව යළිත් වරක් දේහය මහජන ගෞරවය සඳහා විවෘත කෙරුණු අතර පස්වරු 3.30ට පමණ නන්දා මාලනියගේ දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල කනත්ත දක්වා ගමන් ආරම්භ කළේය.

නාවල සිට බොරැල්ල කනත්ත දක්වා දේහය රැගෙන යන අතරතුර මග දෙපස විශාල ජනතාවක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටි අතර පස්වරු 4.30 පමණ වනවිට දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබීය.

නන්දා මාලනී මහත්මිගේ අන්තිම කැමති පත්‍රය අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණ කථන පැවැත්වීමකින් තොරව දේහය ආදාහනය කරනු ලැබූවේය.

ඒ අනුව දශක ගණනාවක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ අචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද පස්වරුවේ සදහටම දැයෙන් සමුගෙන ගියේය.

දරුවන්ට සිදුවන අසාධාරණය වැළැක්වීමට පාසල් පද්ධතිය යළි ස්ථානගත කරයි

දරුවන්ට සිදුවන අසාධාරණය වැළැක්වීමට පාසල් පද්ධතිය යළි ස්ථානගත කරයි

පළාත් සභා සඳහා 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පළාත් මට්ටමින් මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති 30,923ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

මධ්‍යම රජය සහ පළාත් සභා එක් ප්‍රතිපත්තියක් තුළ, තම විෂය සීමාවට අයත් ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ජාතික ප්‍රතිපත්ති මත පිහිටා වැඩසටහන් සැලසුම් කිරීම මධ්‍යම රජයට පැවරෙන බවත්, ඒ මත ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පළාත් සභා මට්ටමින් සිදුවිය යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී ව්‍යාපෘති ද්වීකරණය වැළැක්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ දත්ත සහ තොරතුරු කාර්යක්ෂමව හුවමාරුව, මනා සම්බන්ධීකරණකින් සිදුවිය යුතු බවත් එමඟින් අනවශ්‍ය ව්‍යාපෘතිවලට සම්පත් නාස්තිවීම වැළැක්වීමට මෙන්ම අත්‍යවශ්‍ය ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීමට අවස්ථාව ලැබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම විදේශ ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති උපරිමයෙන් සාර්ථක කර ගනිමින් නිසි කලට අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දැඩි මූල්‍ය විනයක් පවත්වා ගනිමින්, නියමිත වියදම් සීමා ඇතුළත සිට කටයුතු සැලසුම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබන වසරේ වැඩකටයුතු නියමිත වේලාවට ආරම්භ කළ හැකි වන පරිදි නොවැම්බර් මාසය වනවිට සියලුම ව්‍යාපෘතිවල සැලසුම් සකස් කර අවසන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් සභා යන ආයතන 03ක් යටතේ සිදු කෙරෙන වාර්මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික මට්ටමේ ඒකාබද්ධ සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ විවිධ බාහිර ව්‍යාපෘති යටතේ විසිරි පවතින වැව් ප්‍රතිසංස්කරණ කටයුතු එක් මධ්‍යගත ස්ථානයකට ගෙන ඒමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කෙරෙන එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා යල කන්නයෙන් පසුව මහ කන්නය ආරම්භ වීමට පෙර පවතින කෙටි කාලය තුළ කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල ධාරිතාව වැඩි කිරීම සහ ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබාදී ඇති ප්‍රතිපාදන යොදවමින් ප්‍රමුඛතාවක් සේ සලකා එම කටයුතු කඩිනම් කරන ලෙසද උපදෙස් දුන්නේය.

පාසල් පද්ධතිය යළි ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මෙම වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වන්නේ දරුවන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සිසුන් 50ට අඩු පාසල් ඒකාබද්ධ කිරිමේදී එම පාසල් වෙත ගොස් එම පාසල්වල භෞතික තත්ත්වය සහ දත්ත අධ්‍යයනය කරමින් තීරණ ගැනීමේ වැදගත්කමද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට හෝ අවශ්‍ය නම් දීමනාවක් ලබා දීමට රජය සූදානම් බවද සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් මෙම සැලසුම් කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සමූපකාර යාන්ත්‍රණය සහ පළාත් සභා අතර පවතින සම්බන්ධතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර සමූපකාර යාන්ත්‍රණය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ යන්ත්‍රෝපකරණ සැපයීම ආදි කටයුතු සඳහා පළාත් සභා දායක වෙමින් සිටින බව සඳහන් කෙරිණි.

සියලු පළාත් සභාවල මතුව ඇති පොදු ගැටලුවක් වන තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර තාක්ෂණික සහායක නිලධාරීන් බඳවාගෙන ඔවුන් පුහුණු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දිට්වා ආපදා තත්ත්වය වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන අතරින් රුපියල් බිලියන 102ක් පළාත් සභා වෙත ලබා දී තිබෙන අතර ඊට අදාළ ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ගෝඨාගේ මිත්‍රයාට අසාධ්‍යයි.. වහාම රෝහලට

ගෝඨාගේ මිත්‍රයාට අසාධ්‍යයි.. වහාම රෝහලට

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ පාදයේ ඇති තුවාල තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් ඊයේ (21) දිනයේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර, ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ, රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලකුත්, ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසීය අසූ හතරයි සත පනස් නවයක මුදලක් අවභාවිත කර ඇත.

නවීන ලෝකයට ගැලපෙන අලුත්ම යුනිෆෝම් එකක් පොලීසියට

නවීන ලෝකයට ගැලපෙන අලුත්ම යුනිෆෝම් එකක් පොලීසියට

නවීන ලෝකයට ගැලපෙන ලස්සන යුනිෆෝම් එකක් පොලීසියට ලබාදීම සඳහා මේ වනවිට ඩිසයින් කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“සහන ලැබිය යුතු අයට අස්වැසුම වැඩි කරා. අස්වැසුම දෙන කාලය දීර්ඝ කරා. මහපොල ශිෂ්‍යාධාරය දෙගුණයකට ආසන්නයෙන් වැඩි කරලා තියෙනවා. ගොවියාට දීපු පොහොර සහනාධාරය රුපියල් 15,000, 30,000 කරා.

තේ සහනාධාර ලබාදුන්නා, රබර් සහනාධාර ලබාදුන්නා. මේ ආදි හැටියට සහනාධාර දෙන්න පුළුවන් ඒවත් ලබාදෙනවා. වකුගඩු දීමනා, තැලිසීමියා දීමනා, වැඩිහිටි දීමනා ඒවත් ලබාදෙනවා. මේ සේරම කරන්නේ, ජනතාවගේ බදු මුදල් පෙරලා ජනතාවටම සේවය කරන්න ඕන.

කලින් තිබුණේ මේවා දේශපාලඥයන් වෙනුවෙන් වියදම් කරපු දේවල්. දැන් ඒ ඔක්කොම නතර කරලා ඔබ වෙනුවෙන් වියදම් කරනවා. අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරා. දැන් ඇමතිවරු වාහන පෝලිමක් තියාගෙන යන්නේ නෑ. ආරක්ෂකයෝ පිරිවරාගෙන යන්නේ නෑ.

පොලීසියේ හිටපු කට්ටිය ඔක්කොම අය පොලීසියට දුන්නා. ඒත් පොලීසියට මදි. එනිසා තව 10,000ක් පොලීසියට බදවා ගන්නවා ලගඳීම. පොලීසියේ ඉන්න සියලු දෙනාටම හොද ලස්සන යුනිෆෝම් එකක් ඩිසයින් කරගෙන යනවා. නවීන ලෝකයට ගැලපෙන යුනිෆෝම් එකක්.”

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයයි

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ශෝක පණිවිඩය පහතින්..

සිය ගායන කුසලතාව සමාජ සාධාරණත්වයේ සහ යුක්තියේ අඬහැරය බවට පත් කර, අලුත් ලොවක් ගැන සිතීමට පරපුරකට දිරි දුන්, සැබෑම ශ්‍රී ලාංකේය සත්‍යයේ හඬ, අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය ලාංකේය සමාජය මහත් කම්පාවට පත්කරවනු ලැබ තිබේ.

ළමා වියේ සිටම මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ස්වකීය අනන්‍යතාව සලකුණු කර ගත් ඇය, සිය ජීවිතය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූවාය. එපමණකින්ම ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කර ගත්තාය.

සිය ජීවිතය තුළින් ලද පන්නරය සමගින් පොදු ජනතාවගේ දුක, කඳුළ, දහදිය හඳුනාගෙන සිටි ඇය, පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයකට එරෙහිව අභීතව සටන් වැදුනාය. ඇගේ මියුරු හඬ තමන් පෙළමින් ඇති පීඩිතභාවයට එරෙහිව සටන් වැදිය යුතු බවට ජනතාව කැඳවූ කාහලයක් විය.

මව්බිම පත්ව තිබූ ඛේදනීය තත්වයට සහ ජනතාව පෙළමින් තිබූ වේදනාවන්ට හෘදය සංවේදී වූ නන්දා මාලනිය, මර්දනකාරී දේශපාලන අධිකාරිත්වයට එරෙහිව නැඟූ ‘සත්‍යයේ ගීතය’, හුදු ‘පවනක්’ නොව චණ්ඩ මාරුතයක් වූ බවට සියලු ජීවමාන සාක්ෂිකරුවන් සාක්ෂි දරනු ඇත. තහංචි බාධා හමුවේ ජන හදවත් සමඟ ගැහුණු ඇගේ මධුර එහෙත් ගම්භීර හඬ, දුෂ්කරම සහ අඳුරුම අවස්ථාවන්හිදී ජනතාවට තම දුක් වේදනාවන් ඉවසා සිටින්නටත් ආලෝකය උදාවන තෙක් නොසැලී දරා සිටින්නටත් මහත් ශක්තියක් වූ බව මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටියාය. කලාකරුවෙකුගේ පැවැත්ම අවසන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ හුස්ම වාතලයට මුසු වීම නතර වූ දින නොව, ඔහු හෝ ඇය විසින් සමාජයට දායාද කරන ලද නිර්මාණ මිනිස් හදවත් තුළින් මැකී යන දිනයේදීය. ඒ අරුතින් සැලකූ කළ, නන්දා මාලනී නම් වූ පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයනු ඇති බවට සැක නැත.

නන්දා මාලනී මහත්මියගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෘද කලාකරුවන් සහ සුවහසක් රසික රසිකාවියන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමි.
‍
ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික දේහය තුළ ජනතාවාදී සලකුණ ගැඹුරින් තබමින්, සුවහසක් ජන හදවත් ප්‍රඥාවෙන් අවදි කළ ආචාර්ය නන්දා මාලනියනි, දැයෙන් සමුගන්නා ඔබගේ යුග මෙහෙවර මේ භූමිය මත සදානුස්මරණීයයි!

මාර්ගයේ නව වෙනසක්.. යතුරුපැදි මංතීරුවක් ලැබෙන හැටි

මාර්ගයේ නව වෙනසක්.. යතුරුපැදි මංතීරුවක් ලැබෙන හැටි

යතුරුපැදි සඳහාම වෙන්වූ මංතීරුවක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

වාහනවලට එම මංතීරුවට ඇතුළු වෙන්න බැරිවෙන විදිහට තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගනිමින් එම මාර්ගය වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“අපි උත්සාහ කරනවා, නගර ආශ්‍රිත A හා B මාර්ගවල ආරම්භයේදී බයිසිකල් සඳහා වෙන් වෙච්ච වෙනම මංතීරුවක් වෙන් කරන්න. දැනුත් තියෙනවා සමහර පාරවල් වල අඩි තුනක් විතර පළල.

අඩි තුනක් පළල මංතීරුව භාවිතා කළ හැකියි. නමුත් අපි දන්නවා ටිකක් බයිසිකල් වැඩි තැන්වල නගර ආශ්‍රීතව, බයිසිකල් දෙකක් හෝල්ටෙක් කරන්න බෑ. එතකොට වෙන්නේ මිනිස්සු පාරට එනවා.

අපි උත්සාහ කරන්නේ, මැලේසියාව වැනි රටවල තිබෙන විදිහට අඩි හයක්, නවයත් අතර මංතීරුවක් ප්‍රධාන මාර්ගයේම බයිසිකල් සඳහා පමණක්ම වෙන් කරන්න. එතකොට ආරක්ෂිතව, තමන්ට අවශ්‍ය සාධාරණ නීත්‍යනුකුල වේගයෙන් යන්න පුළුවන්.

අපේ බලාපොරොත්තුව මේක යමිකිසි ආකාරයකට වෙන්කර තබන්න. වාහන වලට එම මංතීරුවට ඇතුළු වෙන්න බැරිවෙන විදිහට යම්කිසි තාක්ෂණික ක්‍රමයකට වෙන් කරන්න.”