Local news

අමෙරිකාවට උදව් කළොත් බලාගෙනයි.. ඉරානය ලෝකයටම අනතුරු අඟවයි

අමෙරිකාවට උදව් කළොත් බලාගෙනයි.. ඉරානය ලෝකයටම අනතුරු අඟවයි

ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රධානී මොෂෙන් රෙසායි (Mohsen Rezaei) රටවල් රැසකට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඉරානයට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කරන ආර්ථික පීඩන වලට සහාය දක්වන ලොව ඕනෑම රටක් ඉරානයේ සතුරෙක් ලෙස සලකන බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිල ප්‍රධානී Mohsen Rezaei සඳහන් කරයි.

තම අසල්වැසි රටවල් අමෙරිකාව පනවන සම්බාධක ක්‍රියාමාර්ගය වලට සම්බන්ධ වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එකඳු තෙල් බිදක් අපනයනය කිරීමට ඉඩ නොදෙන බවද ආරක්ෂක කවුන්සිල ප්‍රධානී Mohsen Rezaei සඳහන් කරයි.

සිපෙට්කෝ පිරවුම්හලේ වෙනසක්

සිපෙට්කෝ පිරවුම්හලේ වෙනසක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇත.

දිවයින පුරාම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ඉන්ධන පිරවුම්හල් වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නවීකරණය කිරීමට ටෙන්ඩර් කැඳවා ඇත.

ඒ අනුව සංස්ථාව සතු පිරුම්හල් 234ක් නවීකරණය කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

ඊට අදාළ ටෙන්ඩර් පටිපාටිය කොටස් වශයෙන් සිදු කරන බවද ඛණිජ තෙල් සංස්ථාවේ කළමණාකරන අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

තව දින කිහිපයයි.. සලේ මැරුණොත් බලාගෙනයි

තව දින කිහිපයයි.. සලේ මැරුණොත් බලාගෙනයි

අසනීපයෙන් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මිය ගියොත් ඒකට සමාව හම්බ වෙන්නේ නැති බව ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර සඳහන් කරයි.

එනිසා සුරේෂ් සලේට තුන්වැනි වරටත් ලබන (28) වැනිදා රැඳවුම් නියෝග ලබා නොදෙන ලෙසට වත්මන් ආණ්ඩුවට බල කරන බවද ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර සඳහන් කරයි.

වසන්ත බණ්ඩාර තවදුරටත් සඳහන් කළේ,

“දැන් එතුමා අසනීපෙන් ඉද්දි මේ දෙන වධ බන්ධන දීලා, එතුමා මිය ගියොත් එහෙම මේ රටේ ජනතාවගෙන් ඒකට සමාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ආණ්ඩුවට බල කරලා කියනවා.

28 වෙනිදාට පෑන අතට ගන්න ලෑස්ති වෙන්න එපා. අනුර දිසානායක ජනාධිපතිතුමා වහාම මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.”

“සලේට යුක්තිය – සංවාද මණ්ඩපය” නමින් කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වසන්ත බණ්ඩාර මේ බව සඳහන් කරයි.

එහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ උපසභාපති අනුරාධා යහම්පත් සඳහන් කළේ,

“දැන් මාස හයක් ඔහු අත්අඩංගුවේ රැඳී සිටිනවා. ඔහු ඉතාමත්ම රෝගාතුර තත්ත්වයක සිටින්නේ. ඔහුව රෝගාතුර තත්වයකට එනකං ඔහුට ඉතාමත්ම කෲර ලෙස සැලකූ බවත් අපි දන්නවා.

ඊළඟට විසිඅටවෙනිදා වෙනකොට තුන්වෙනි වරටත් ඔහුට බඳවා ගැනීමේ නියෝගය තවදුරටත් තිබෙනවාද නැද්ද කියන දේ, ජනාධිපතිතුමා තවදුරටත් රණවිරුවාගෙන් පළිගන්නා බවට ජනතාවට පෙන්වා දෙනවාද.

එහෙම වුවොත් ජනතාවට ඔහුට වග කියන්නට සිදුවෙනවා. මොකද ජනතාවත් දැන් අවබෝධ කරගෙන තියෙන්නේ මේ රණවිරු පළිගැනීමක් කියන එක.”

ඇස් උඩ යන කෝට් ගණනක ගැහිල්ල.. පාර්ලිමේන්තු ලොකුම අයගේ සෙල්ලම් හෙළිවෙයි

ඇස් උඩ යන කෝට් ගණනක ගැහිල්ල.. පාර්ලිමේන්තු ලොකුම අයගේ සෙල්ලම් හෙළිවෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන සහ නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව සිදුකරන ලද විශේෂ විගණන වාර්තාවක් එළිදක්වා ඇත.

2019න් ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ අවසන් වසර දෙක තුළ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභාපති සහ පාර්ලිමේන්තු මහ ලේකම් වැනි තනතුරු සඳහා සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි එම විගණනයෙන් අනාවරණය වී ඇත.

කථානායකවරයා පමණක් පසුගිය 2023 වසරේදී ඉන්ධන ලීටර් 3,994 ක් සහ 2024 වසරේදී ඉන්ධන ලීටර් 6,122 ක් භාවිත කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

නියෝජ්‍ය කථානායක ධුරය සදහා කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් හා සමානව, සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි එම විගණන වාර්තාවේ සඳහන් වේ.

නියෝජ්‍ය කාරක සභාපති ධුරය, නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරක් ලෙස හදුනාගෙන එම තනතුර සඳහා ද සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනූව පසුගිය 2023 සහ 2024 කාලය තුළ නියෝජ්‍ය කථානායකවරයාගේ පෞද්ගලික මෝටර් රථය සඳහා රුපියල් අසු පන් ලක්ෂ 45,037 ක් වටිනාකමින් යුත්, ඉන්ධන ලීටර් 21,299 ක් නිකුත් කර ඇත.

නියෝජ්‍ය කථානායකවරයා භාවිත කළ නිල වාහන තුන සදහා ඉන්ධන භාවිත කර ඇත්තේ, ධාරිතාව ඉක්මවා යමින් බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒකාබද්ධ අරමුදලට වගකීමක් වන සහ පාර්ලිමේන්තුව නිශ්චය කළ යුතු පාර්ලිමේන්තු මහ ලේකම්ගේ වැටුප සඳහා පසුගිය 2004 වසරෙන් පසු, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැත.

පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අනෙකුත් දීමනා සහ වේතනයන් ලබාදීමේදී 2004 නොවැම්බර් (30) දිනැති හැන්සාඩ් වාර්තාවේ සඳහන් පරිදි මහ ලේකම්වරයාගේ දීමනා ආයතන සංග්‍රහයට අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමි ප්‍රමාණයන්ගෙන් ලබාදිය යුතු බව දක්වා තිබුණ ද, එය එසේ සිදුකර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනූව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සීමා රහිතව ඉන්ධන නිකුත් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.

නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් හා අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීත් සඳහා රාජකාරි ගමන් සඳහා සීමා රහිතව ඉන්ධන භාවිතයට පෞද්ගලික ගමන් සඳහා කිලෝමීටර් 1,200ක් හා කිලෝමීටර 960ක් දක්වා ඉන්ධන සැපයීමටත් කටයුතු කර ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

මට ඇම්බියුලන්ස් එපා.. මම එහෙම නායකයෙක් නෙමෙයි

මට ඇම්බියුලන්ස් එපා.. මම එහෙම නායකයෙක් නෙමෙයි

තමන් යන රැස්වීම් වලට ඇම්බියුලන්ස් එකක් අරගෙන යන්නේ නැති බවත් තමන් එවැනි නායකයෙක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“ඇයි අර ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා ඉන්නේ මෙතනට. ඒ මොනාටද. යන්න කියන්න. මෙතනට අවශ්‍ය නෑ. කරුණාකරලා රෝහලට යන්න කියන්න. කවුරුත් ලෙඩෙක් නෑ නේද. මොනාටද ගෙන්නන්නේ.

සමාවෙන්න මේ ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා මං දන්නෑ මොකද කියලා. මොකද මම යන යන රැස්වීම් වලට ඇම්බියුලන්ස් උස්සන් යන නායකයෙක් නෙමෙයි මම. කරුණාකරලා යන්න රෝහලට.

මොකක්ද මේ මගුල්ගස්වැව රෝහල නේද. යන්න ඒකටම. මෙතන ඉන්න එපා. ගිලන්රථ තියෙන්නේ ගිලන්වෙච්ච අයට ප්‍රතිකාර කරන්න. ඒ අය රෝහලට ගෙනියන්න. දෙයියන්ගේ පිහිටෙන් තාම මට ගිලන්භාවයක් නෑ.”

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු පිරිස අධිකරණයට අපහාස කළ බවට කරුණු වාර්තා කරයි

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු පිරිස අධිකරණයට අපහාස කළ බවට කරුණු වාර්තා කරයි

සුරේෂ් සලේට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන පරිදි ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් දේශපාලනඥයින් සහ ක්‍රියාකාරිකයින් පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

සුරේෂ්⁣ සලේට අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතරතුර, ඊට බලපෑම් සිදුවන ආකාරයෙන් සහ අධිකරණ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත් අධිකරණය මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන අයට එරෙහිව එලෙස කරුණු වාර්තා කර ඇත.

තව මාස කිහිපයයි.. අලුත්ම වෙනසකින් එන විදුලි දුම්රිය

තව මාස කිහිපයයි.. අලුත්ම වෙනසකින් එන විදුලි දුම්රිය

නව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ලබන වසරේදී සිට ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි විදුලි දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ,

“අපි ගෙනාවා මෙට්‍රෝ බස්. කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවලට දැන් මෙට්‍රෝ බස් යනවා. ඉතා හොඳ පහසුකම් යටතේ යන්නේ. බස් ගෙනාවා, බස් ගැමුණුට එළාර වැහෙනවා. ගැමුණු කෑගහනවා.

මං අහගෙන ගැමුණු කියනවා මේ ආණ්ඩුවක් ඇවිල්ලා ආණ්ඩුවේ ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා කියල. ඉතින් අපි ආවේ ඕකටනේ. ඇයි ඔයා කලබල වෙන්නේ. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. අපි මේ රට හදනවා.

අපි විදුලි දුම්රිය මාර්ග ආරම්භ කරනවා ලබන අවුරුද්දේ. මරදානෙන් පටන් අරන් නගරාසන්න විදුලි දුම්රිය මාර්ග. ඔබට පුළුවන් වෙනවා බෙලියත්තෙන් රුහුණු කුමාරි නැග්ගොත් පානදුරෙන් බැහැලා විදුලි දුම්රියෙන් යන්න.

අපි ඒ සැලැස්ම හදනවනේ. අපි ලබන අවුරුද්ද වෙනකොට පටන් ගන්නවා. ඇයි මිනිස්සුන්ට හොඳ ප්‍රවාහනයක් ඕනේ නැද්ද. ලෝකයේ තියෙන හොඳ දේවල් ගෙනත් දෙන්න ඕනේ නැද්ද. ගෙනත් දෙන්න ඕනේ. ඒගොල්ලෝ විතරද යන්න ඕනේ.

අපි හයිවේ හදනවනේ. අවුරුදු ගානක් තිස්සේ නුවරට යන්න විදියක් නැහැ. කටුනායක මීරිගම. ඒ පාරේ ඉතුරු ටික හැදුවේ නැහැ. අන්න අපි හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ අපිට ගොඩක් දේවල් අවසන් කරගන්න පුළුවන්.

මෙහෙ ඉඳලා පැයක් යනවා නම් කටුනායක ඉඳලා මීරිගමට යන්න පැය දෙකක් විතර ඉන්නවා, අර පොඩි ප්‍රමාණය. අපි හදන්න පටන් ගත්තා. අපේ රටේ ජනතාවගේ බදු සල්ලි එක සත පහක් ණයට ගත්තේ නැහැ,“

හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මේ බව සඳහන් කරයි.

ඊළඟ ජනාධිපති සජිත්.. විපක්ෂ නායක නාමල්

ඊළඟ ජනාධිපති සජිත්.. විපක්ෂ නායක නාමල්

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස රටේ ඊළඟ ජනාධිපතිවරයා වන බවට කිසිදු වාදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

සියලු පාක්ෂිකයින්ගේ ඒකමතික ඉල්ලීම වී ඇත්තේ ඉදිරියේදී සියලු දෙනා එකමුතුව කටයුතු කිරීම බැවින් රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය සහ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හැකි තරම් උත්සාහ කර විපක්ෂ නායක ධූරයවත් ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් සුදුසු බවද මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.

මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ,

“මේ කඳවුරෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් පහුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වීමෙන් තමයි අපේ පරාජයට ප්‍රධානම හේතුව වුණේ. එතකොට අර රෑ වැටිච්ච වලේ ආපහු දවල් වැටෙන්නත් බෑ.

එම නිසා ඉතා පැහැදිලිවම සියලුම පාක්ෂිකයින් ඒකමතිකව සියලු දෙනාගේම ඉල්ලීම තමයි ඉදිරියේදී මේ මැතිවරණවලට මුහුණ දෙනකොට අපි එකට වැඩ කරන්න ඕනේ, එකට එකතු වෙන්න ඕනේ කියන එක.

ඒ වෙනුවෙන් සියලු දෙනාම ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම මේ රටේ ඊළඟ ජනාධිපති වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ ගැන කිසිම වාදයක් නෑ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඊට ආශිර්වාද කරයි, ඊට සහයෝගය ලබාදෙයි. නාමල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන් තරම් මහන්සි වෙලා විපක්ෂ නායක ධූරයවත් ලබාගන්න කටයුතු කළොත් හොඳයි.”

මහින්ද, ගෝඨාභය, නාමල් දේව කන්නලව්වක

මහින්ද, ගෝඨාභය, නාමල් දේව කන්නලව්වක

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සීනිගම දේවාලයේ කන්නලව්වකට එක්වී ඇත.

මෙහිදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනයෙන් පසුව දෙවොල් දෙවියන් උදෙසා විශේෂ පුජාවක් පැත්විය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපි පැහැදිළිවම ජනතාව එක්ක අපේ දේශපාලනය වගේම ජනතාවගේ සටනේ අපි ඉන්නවා. අපිට පෞද්ගලික න්‍යායපත්‍ර නෑ. අපි දේශපාලනය කරන්නේ මේ රටේ ජනතාව එක්ක. ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා.”

ඉදිරි දිනවල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් ද.?

ඉදිරි දිනවල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් ද.?

ජල විදුලි උත්පාදනය කරනු ලබන ජලාශ වල මේ වනවිට ජලධාරිතාව 67%ක් පමණ වන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.

අදාළ ජල පරිමාව ලබන ඔක්තොම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ජල විදුලි බලාගාර ඉහළ පෝෂක ප්‍රදේවලට වැසි ලැබීම හේතුවෙන් එම ජල පරිමාව ප්‍රමාණවත් බවද එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව, ඉදිරි වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවද එම සමාගම සඳහන් කරයි.

මේ අතර දිවයින පුරා ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සියයට 50ක් බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.