Local news

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයයි

පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ශෝක පණිවිඩය පහතින්..

සිය ගායන කුසලතාව සමාජ සාධාරණත්වයේ සහ යුක්තියේ අඬහැරය බවට පත් කර, අලුත් ලොවක් ගැන සිතීමට පරපුරකට දිරි දුන්, සැබෑම ශ්‍රී ලාංකේය සත්‍යයේ හඬ, අග්‍රගණ්‍ය ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය ලාංකේය සමාජය මහත් කම්පාවට පත්කරවනු ලැබ තිබේ.

ළමා වියේ සිටම මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ස්වකීය අනන්‍යතාව සලකුණු කර ගත් ඇය, සිය ජීවිතය හුදු ගායිකාවක් පමණක් ලෙස සලකුණු කරනු වෙනුවට 80 දශකය වන විට දුෂ්ට සමාජ දේශපාලන මඩ ගොහොරුවක ගිල්වා තිබූ ශ්‍රී ලාංකේය සමාජය එතැනින් ඔසවා තැබීම වෙනුවෙන් සිය දිවි පරදුවට තැබූ පුරවැසි ක්‍රියාකාරිනියක වූවාය. එපමණකින්ම ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගේ හදවතෙහි ගැඹුරුම තැනක ස්ථානගත වූ ඇය සිය මරණය දක්වා තමන්ගේ ප්‍රතිපත්තිගරුක සත්‍යයේ හඬ භූමිකාව ආරක්ෂා කර ගත්තාය.

සිය ජීවිතය තුළින් ලද පන්නරය සමගින් පොදු ජනතාවගේ දුක, කඳුළ, දහදිය හඳුනාගෙන සිටි ඇය, පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයකට එරෙහිව අභීතව සටන් වැදුනාය. ඇගේ මියුරු හඬ තමන් පෙළමින් ඇති පීඩිතභාවයට එරෙහිව සටන් වැදිය යුතු බවට ජනතාව කැඳවූ කාහලයක් විය.

මව්බිම පත්ව තිබූ ඛේදනීය තත්වයට සහ ජනතාව පෙළමින් තිබූ වේදනාවන්ට හෘදය සංවේදී වූ නන්දා මාලනිය, මර්දනකාරී දේශපාලන අධිකාරිත්වයට එරෙහිව නැඟූ ‘සත්‍යයේ ගීතය’, හුදු ‘පවනක්’ නොව චණ්ඩ මාරුතයක් වූ බවට සියලු ජීවමාන සාක්ෂිකරුවන් සාක්ෂි දරනු ඇත. තහංචි බාධා හමුවේ ජන හදවත් සමඟ ගැහුණු ඇගේ මධුර එහෙත් ගම්භීර හඬ, දුෂ්කරම සහ අඳුරුම අවස්ථාවන්හිදී ජනතාවට තම දුක් වේදනාවන් ඉවසා සිටින්නටත් ආලෝකය උදාවන තෙක් නොසැලී දරා සිටින්නටත් මහත් ශක්තියක් වූ බව මෙහිලා කෘතවේදීව සිහිපත් කරමි.

නන්දා මාලනිය ඇය ගත දැරූ ධවල වස්ත්‍රය සේම අදීන ප්‍රතිපත්තිගරුකභාවයෙන් සහ පටු පරමාර්ථවලින් නොකිළිටිව සිටියාය. කලාකරුවෙකුගේ පැවැත්ම අවසන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ හුස්ම වාතලයට මුසු වීම නතර වූ දින නොව, ඔහු හෝ ඇය විසින් සමාජයට දායාද කරන ලද නිර්මාණ මිනිස් හදවත් තුළින් මැකී යන දිනයේදීය. ඒ අරුතින් සැලකූ කළ, නන්දා මාලනී නම් වූ පුරාවෘත්තයක් බඳු අසහාය ගායිකාවගේ අමරණීය නාමය කිසිදා අප අතරින් වියැකී නොයනු ඇති බවට සැක නැත.

නන්දා මාලනී මහත්මියගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සියලු සාමාජිකයන්, ඥාතීන්, හිතවතුන් මෙන්ම සහෘද කලාකරුවන් සහ සුවහසක් රසික රසිකාවියන් වෙත මාගේ සාතිශය සංවේගය පළ කරමි.
‍
ශ්‍රී ලාංකේය සමාජ සංස්කෘතික දේහය තුළ ජනතාවාදී සලකුණ ගැඹුරින් තබමින්, සුවහසක් ජන හදවත් ප්‍රඥාවෙන් අවදි කළ ආචාර්ය නන්දා මාලනියනි, දැයෙන් සමුගන්නා ඔබගේ යුග මෙහෙවර මේ භූමිය මත සදානුස්මරණීයයි!

මාර්ගයේ නව වෙනසක්.. යතුරුපැදි මංතීරුවක් ලැබෙන හැටි

මාර්ගයේ නව වෙනසක්.. යතුරුපැදි මංතීරුවක් ලැබෙන හැටි

යතුරුපැදි සඳහාම වෙන්වූ මංතීරුවක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

වාහනවලට එම මංතීරුවට ඇතුළු වෙන්න බැරිවෙන විදිහට තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගනිමින් එම මාර්ගය වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“අපි උත්සාහ කරනවා, නගර ආශ්‍රිත A හා B මාර්ගවල ආරම්භයේදී බයිසිකල් සඳහා වෙන් වෙච්ච වෙනම මංතීරුවක් වෙන් කරන්න. දැනුත් තියෙනවා සමහර පාරවල් වල අඩි තුනක් විතර පළල.

අඩි තුනක් පළල මංතීරුව භාවිතා කළ හැකියි. නමුත් අපි දන්නවා ටිකක් බයිසිකල් වැඩි තැන්වල නගර ආශ්‍රීතව, බයිසිකල් දෙකක් හෝල්ටෙක් කරන්න බෑ. එතකොට වෙන්නේ මිනිස්සු පාරට එනවා.

අපි උත්සාහ කරන්නේ, මැලේසියාව වැනි රටවල තිබෙන විදිහට අඩි හයක්, නවයත් අතර මංතීරුවක් ප්‍රධාන මාර්ගයේම බයිසිකල් සඳහා පමණක්ම වෙන් කරන්න. එතකොට ආරක්ෂිතව, තමන්ට අවශ්‍ය සාධාරණ නීත්‍යනුකුල වේගයෙන් යන්න පුළුවන්.

අපේ බලාපොරොත්තුව මේක යමිකිසි ආකාරයකට වෙන්කර තබන්න. වාහන වලට එම මංතීරුවට ඇතුළු වෙන්න බැරිවෙන විදිහට යම්කිසි තාක්ෂණික ක්‍රමයකට වෙන් කරන්න.”

යතුරුපැදි ඇතුළු වාහන සොරකම්.. ජනතාවට විශේෂ දැනුම්දීමක්

යතුරුපැදි ඇතුළු වාහන සොරකම්.. ජනතාවට විශේෂ දැනුම්දීමක්

මෝටර් රථ සහ යතුරුපැදිය නවත්වා තැබීමෙන් පසුව එය අපරාධකරුවන් විසින් සොරා ගැනීම් පිළිබඳව මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම රථවාහන හෝ යතුරුපැදි තුළ තිබෙන වටිනා ලියකියවිලි මෙන්ම වටිනා භාණ්ඩද අන්සතු වීම් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල ත්‍රීවිල් රථ රියදුරන් මෙන්ම යතුරුපැදිකරුවන් එංජිම පණ ගන්වා තිබියදීම සහ යතුරුපැදියේ මෙන්ම ත්‍රිරෝද රථයේ යතුරු එහිම තබා යාම තුළින් අපරාධකරුවන් එම වාහන සොරා ගන්නා බවට මේ වනවිට පොලීසියට නිරීක්ෂණය වූ බවද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

තවද, සිය වාහනය, යතුරුපැදිය මෙන්ම ත්‍රිරෝද රථය නිවසේ එළිමහනේ තබා තිබීමත් නිවසේ ගෙවත්තේ ඇති ගේට්ටු අගුල් නොදමා තිබියදී එම යතුරුපැදි හෝ රථවාහන සොරාගෙන යෑම් පිළිබඳවද පොලීසිය වෙත කරුණු වාර්තා වී ඇති බවද සඳහන් කරයි.

ජනාකීර්ණ ස්ථානයක රථ වාහනය නතර කර තබන්නේ නම් එම ස්ථානය වටා සිටින ආරක්ෂක නිලධාරියෙකු සමග, සාප්පු සංකීර්ණයක වාහනය නතර කර තිබෙනවා නම් ඊට අදාළ ආරක්ෂක නිලධාරියා හෝ සාප්පු සංකීර්ණයේ රාජකාරි කරන සේවකයෙකුට ඒ බව දැනුම්දෙන ලෙසද සඳහන් කරයි.

තවද රාත්‍රී කාලයේදී අඳුරු ස්ථානයක හෝ හුදෙකලා ස්ථානයක යතුරුපැදියක් හෝ තමන්ගේ වාහනය නවත්වා ඇත්නම් එය අපරාධකරුවෙකුට අපරාධයක් සිදු කිරීම සඳහා පිටුවහලක් වන බැවින් ඒ පිළිබඳවද කල්පනාකාරීව සිටිය යුතු බවද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

සිය වාහනයක් සොරකමකට ලක්වූයේ නම් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119/118 හෝ ළඟම තිබෙන පොලිස් ස්ථානයකට, ළඟම පොලිස් නිලධාරියෙකුට මේ බව කඩිනමින් දැනුවත් කරන ලෙසද සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.

ඊයෙ (21) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මේ බව සඳහන් කරයි.

ඩයමන්ඩ් ලීග් රන් පදක්කම රුමේෂ් තරංගට

ඩයමන්ඩ් ලීග් රන් පදක්කම රුමේෂ් තරංගට

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්විය.

ඒ අනුව 2026 ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 88.14ක දක්ෂතාවක් දක්වමින් ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාවේ අමරණීය හඬට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ අමරණීය හඬට ජනපති අවසන් ගෞරව දක්වයි

දශක ගණනක් පුරා මෙරට අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇයගේ දේහය තැන්පත් කර ඇති නාවල පිහිටි නිවසට පැමිණීමෙන් අනතුරුව දේහයට අවසන් ගෞරව දැක්වීය.

අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය වසන්ත සමරසිංහ එක්ව සිටියේය.

නන්දා මාලිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් මේ වනවිට පැමිණෙමින් සිටින අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී පස්වරු 5.30ට සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මුහුදට එල්-නිනෝ නිසා මොකද වෙන්නේ.?

ශ්‍රී ලංකා මුහුදට එල්-නිනෝ නිසා මොකද වෙන්නේ.?

ගෝලීය එල්-නිනෝ කාලගුණ විපර්යාසයත් සමග ශ්‍රී ලංකාව වටා මුහුදේ මත්ස්‍ය ගහනය ගැවසෙන සිතියම සහ මසුන් සංක්‍රමණය වන කලාප වෙනස් වී ඇති බවට විශ්වාස කෙරේ.

අභ්‍යන්තර ජල මූලාශ්‍ර සිඳී ගියහොත්, සමස්ත මිරිදිය මත්ස්‍ය ගහනය විනාශ වී යා හැකි බැවින්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) මේ වනවිට මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇත.

එ අනුව එල්-නිනෝ තත්ත්වය නිසා ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය සඳහා නාරා ආයතනය කණ්ඩායම් 5ක් යොදවා ඇති බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් අමරලාල් සඳහන් කරයි.

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරට සාගරයට සහ මත්ස්‍ය අස්වැන්නට සිදුවිය හැකි නිෂ්චිත බලපෑම ගැන නිවැරදිවම ප්‍රකාශ කළ හැක්කේ, අදාළ අධ්‍යයනයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණයෙන් පසුව බවද අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් අමරලාල් සඳහන් කරයි.

ඒ අනුව නාරා ආයතනය මගින් සාගර උෂ්ණත්වය, රළ මට්ටමේ විචල්‍යයන් වැනි පර්යේෂණාත්මක මට්ටමේ දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර ඇති අතර මාස දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය අවසන් කිරීමට නාරා ආයතනය අපේක්ෂා කරයි.

නොගැඹුරු මුහුදු ප්‍රදේශවල, ශ්‍රී ලංකාවට දකුණ, බටහිර, වයඹ හා උතුරු පළාත්වල එක්දින ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් වාරකන් සමය නිසා දැනට සතියකට දින දෙකක් හෝ තුනක් පමණක් ධීවර කටයුතු වල නිරත වන බව වාර්තා වේ.

සුරේෂ්⁣ සලේට අසාධ්‍යයි.. වහාම බන්ධනාගාරයට දාන්න කියයි

සුරේෂ්⁣ සලේට අසාධ්‍යයි.. වහාම බන්ධනාගාරයට දාන්න කියයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකර අධිකරණ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන එස්.බී. මනෝරි සලේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාගේ අධිකාරිය යටතේ නිකුත් කර ඇති රඳවා ගැනීමේ නියෝගය මත පසුවන තම ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අතිශය අසාධ්‍ය හා අවදානම් මට්ටමකට පත්ව ඇති බව එම ලිපිය මගින් ඇය සඳහන් කර ඇත.

උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් සුරේෂ් සලේව 2026 ජූනි (07) වන දින ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අසාමාන්‍ය හෘද රෝගී තත්ත්වයන් මතුවීම මත, 2026 ජූනි (27) වන දින ඔහුව ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත මාරු කර විශේෂඥ ප්‍රතිකාර ලබාදී ඇති බවද ඇය සඳහන් කර ඇත.

හෘදයේ ක්‍රියාකාරිත්වය අඛණ්ඩව අඩාල වීම හේතුවෙන් ඔහු විශේෂ හෘද සැත්කමකට ලක්කර ඇති අතර ජීවිතයට තර්ජනයක් වන හෘද ස්පන්දන අක්‍රමිකතා පාලනය කිරීම සඳහා ඔහුගේ හදවතට ICD උපකරණයක් බද්ධ කර ඇති බවද ඇය සඳහන් කර ඇත.

එනිසා පවතින රඳවා ගැනීමේ නියෝගය කාලය අවසන් වූ පසුව තවදුරටත් දීර්ඝ නොකරන ලෙසත් ඔහුව නැවත CID භාරයට පත් නොකර අධිකරණ බලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා ඇත.

දුම්රිය ප්‍රවේශ පත්‍ර සම්බන්ධව ගත් අලුත් තීරණය

දුම්රිය ප්‍රවේශ පත්‍ර සම්බන්ධව ගත් අලුත් තීරණය

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

ඒ අනුව ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබාදීමට කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම මේ වනවිට හඳුන්වා දී ඇත.

VVIP හේමරතන මහේස්ත්‍රාත්ගේ දොරෙන්.. ශුක්‍රාණු පාපිස්සෙන්

VVIP හේමරතන මහේස්ත්‍රාත්ගේ දොරෙන්.. ශුක්‍රාණු පාපිස්සෙන්

බාලවයස්කාර දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිට එරෙහි නඩුව (21) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවයි.

එහිදී පල්ලේගම හේමරතන හිමි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණ ආරක්ෂාව භාරව සිටින ස්ථානාධිපතිවරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල්වීමට ඇති දොරටුවෙන් හේමරතන හිමි ඇතුල් වූ බවට ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ල ඉදිරිපත් කළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා අධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

මහේස්ත්‍රාත්වරයාට අධිකරණ භූමියට ඇතුල් වීම සඳහා ඇති දොරටුවෙන් හේමරතන හිමි සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයාගේ වාහනයෙන් අධිකරණයට පැමිණ ඇති බව එම නීතිඥවරයා දැනුම් දී ඇත.

සැකකාර හිමිනම කිසිදු සෝදිසි කිරීමකින් තොරව විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු කිරීම පිළිබදව වගකීම පොලිසිය භාර ගත යුතු බවද අවධාරණය කළ නීතීඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිය ඉදිරියේ සැවොම සමාන බව පෙන්වා දුන් නීතිඥවරයාගේ ඉල්ලීම මත, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් අධිකරණ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

දෙවන සැකකාරිය වන දැරියගේ මව අත්අඩංගුවට පත්වීමට පෙර භාවිත කළ බව කියන, මෙතෙක් විමර්ශනය නොවූ තවත් දුරකථන අංක 3ක් දැරියගේ මිත්තණිය සහ මාමා විසින් නීතිඥවරයා වෙත ලබාදී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි මස (08) වැනි දින දක්වා කල් තැබු මහේස්ත්‍රාත්වරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පළමු සැකකරු වන පල්ලේගම හිමියන්ට සහ දෙවන සැකකාරිය වන වින්දිත දැරියගේ මවට නියෝග කළේය.

එසේම වින්දිත දැරිය සම්බන්ධයෙන් පවත්වා ඇති අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට මෙහිදී සිතාසි නිකුත් කෙරිණ.

මේ අතර පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දැරිය විසින් පාපිස්සට පල්ලේගම හිමි ශුක්‍රාණු දමා ඇතැයි කළ ප්‍රකාශය තහවුරු කරන සාක්ෂියක් ලැබී ඇති බවද වාර්තා වේ.

සිද්ධිය වූ ස්ථානය දැරිය විසින් පෙන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි මෙන්ම දැරිය ලබාදුන් වීඩියෝ සාක්ෂි අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමුගනී

රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමුගනී

දශක ගණනක් පුරා මෙරට ගීත කලාවට මියුරු පදවැල් දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද (21) දින දැයෙන් සමුගත්තේය.

උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) සිදුකෙරුණේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයෙදීය.

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කෙරුණේය.

වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත්කර තිබූ උන්වහන්සේගේ දේහය දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියට අද පස්වරුවේ වැඩම කරවීමෙන් අනතුරුව ආදාහන පූජොත්සව සභාව ඇරඹුණි.