Attention (Sinhala)

පොල් ලෙලි පොල් කෝම්බ අපි ගාව නෑ.. මාලිමාවෙන් මහ ඡන්දෙට බස්සපු හොඳම සෙට් එක මෙන්න.! [Video]

පොල් ලෙලි පොල් කෝම්බ අපි ගාව නෑ.. මාලිමාවෙන් මහ ඡන්දෙට බස්සපු හොඳම සෙට් එක මෙන්න.! [Video]

ඊයේ (09) නාමයෝජනා අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ මෙවර මහ මැතිවරණය සඳහා හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය යටතේ තරඟ වදිනා බවයි.

එමෙන්ම එම කණ්ඩායම තුළ සිටින්නේ උගත් බුද්ධිමත් රට පිළිබඳ අවංක හැඟීමක් සහිත ස්වෙච්ඡාවෙන් වැඩ කිරීමට කැමති කණ්ඩායමක් බවද හෙතෙම පැවසීය.

මෙවර ජාතික ජන බලවේගයෙන් තරඟවදිනා අපේක්ෂකයින් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා,

වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.!

වැඩබලන අගවිනිසුරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.!

අද (10) දින වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී ඇත.

වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි.

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී දිවුරුම් දී ඇත.

පාසැල් දරුවන්ට විකුණන්න ගෙනා කෝටි 6ක මත් කරල් තොගයක් අත් අඩංගුවට.!

පාසැල් දරුවන්ට විකුණන්න ගෙනා කෝටි 6ක මත් කරල් තොගයක් අත් අඩංගුවට.!

ඊයේ (09) දින බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල රේමන්ඩ් මල් ශාලාව අසල ඇති මාර්ග සංඥාව අසල දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක දී රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත් කරල් තොගය වසර කිහිපයක ඉතිහාසය තුළ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අතිවිශාල නීති විරෝධී මත්පෙති තොගය බව පැවසෙයි.

මෙම මත් කරල් තොගය පාසල් ලමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට කොළඹ ප්‍රදේශයට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.

එහිදී අත්අඩංගුවට ගත් මත් කරල් තොගය රුපියල් කෝටි 06ක වෙළදපොල වටිනාකමකින් යුතු Pregab (ප්‍රෙගැබ්) නැමැති මත්කරල් තොගයක් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් මත් කරල් තොගය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයා වයස අවුරුදු 44 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකාරයෙක් බව පොලීසිය පවසයි.

මූලික පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අත්අඩංගුවට පත් සැකකරු පවසා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදි මෙම මත්කරල් තොගය ලබාදුන් බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට තමාට උපදෙස් ලබාදුන් බවත් ය..

මහනුවර ඉල්ලා සුජීව ඩෙඟා නටලා.. උද්ඝෝෂණයකුත් ලෑස්ති කරලා.!

මහනුවර ඉල්ලා සුජීව ඩෙඟා නටලා.. උද්ඝෝෂණයකුත් ලෑස්ති කරලා.!

මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.

ඒ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාවක් සැළකිල්ලට ගනිමිනි.

සුජීව සේනසිංහ සමගි ජන සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් නායකයා වශයෙන් නම් කර තිබුනද එය එම පක්ෂයේ තිස්ස අත්තනායක මහතාගේ නායකත්වය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් සූජීව සේනසිංහ මහතා මහනුවරට අවශ්‍යය බව පවසමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් සහ භික්ෂූන් වහන්සේ පිරිසක් යොදාගනිමින් උද්ඝෝෂණයක් පැවැත්වීමටද සැළසුම් කර තිබූ බව ආරංචිමාර්ග පවසයි.

ලොවක් දිනූ රතන් ටාටා දිවි මඩලට සමුදෙයි.!

ලොවක් දිනූ රතන් ටාටා දිවි මඩලට සමුදෙයි.!

86 වන වියේ පසු වූ ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Tata සමූහ ව්‍යාපාරයේ වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස කටයුතු කළ ‘රතන් ටාටා’ පසුගිය සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වෙයි.

රතන් ටාටා මහතා හැදින්වෙන්නේ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේද දැවැන්තයෙකු ලෙසයි.

ඇමරිකානු තරු 4 අද්මිරාල්වරයකු දිවයිනට.!

ඇමරිකානු තරු 4 අද්මිරාල්වරයකු දිවයිනට.!

එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරි අද්මිරාල් ස්ටීව් කේලර් මහතා සංචාරයක් සඳහා අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා – එක්සත් ජනපද ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්.

එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4 අද්මිරාල්වරයකු සහ එක්සත් ජනපද පැසිෆික් බළඇණියේ අණදෙන නිලධාරිවරයෙකු වන වන අද්මිරාල් ස්ටීව් කේලර් මහතා 2021 න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළම මට්ටමේ හමුදා නිළධාරියාද වෙයි.

මෙම සංචාරයේ අද්මිරාල් කේලර් මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුම්වත් වීම, ආපදා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා වන එක්සත් ජනපදයේ ඇති කැපවීම නැවත තහවුරු කිරීමට මෙන්ම එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා හමුදාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මා පිය උරුමයෙන් වරදාන විඳි ‍රාජතාන්ත්‍රිකයෝ යළි දිවයිනට.!

මා පිය උරුමයෙන් වරදාන විඳි ‍රාජතාන්ත්‍රිකයෝ යළි දිවයිනට.!

පසුගිය රජය සමයේ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවලට අත්තනෝමතික ලෙස පත්කළ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සමීප ඥාතීන්ගේ සහ මිත්‍රයන්ගේ නාම ලේඛනය ඉදිරි දිනවලදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම දේශපාලන පත්කිරීම්වරට අදාළ වාර්තාවක් සකස්කරනා ලෙස විදේශ අමාත්‍යාංශයට දැනුම්දී තිබූ අතර මේ වනවිට එම වාර්තාව පිළියෙල කර අවසන් බව වාර්තා වෙයි.

එම වාර්තාව ඉදිරි සතිය තුළ ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත බවද පැවසේ.

එම අනාවරණය කිරීමෙන් පසු එලෙස අත්තනෝමතික ලෙස පත් කළ සුදුසුකම් රහිත දේශපාලනඥයන්ගේ සමීපතමයන් ශ්‍රී ලංකාවට කැඳවීමට ද නියමිතයි.

රාජපක්ෂවරු අවසන් තුරුම්පුවත් අදියි.. එක් මන්ත්‍රී ධූරයක් බේරාගැනීමේ මෙහෙයුමක.!

රාජපක්ෂවරු අවසන් තුරුම්පුවත් අදියි.. එක් මන්ත්‍රී ධූරයක් බේරාගැනීමේ මෙහෙයුමක.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසූවේ එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නාමල් රාජපක්ෂ මහතාද මහමැතිවරණයේ අපේක්ෂකයෙකු නොවන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ැති බව වාර්තා වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ නමද ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ඇති බව සඳහන්. 

කෙසේවෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවයි.

නමුත් හිටපු මන්ත්‍රීවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ නිපුන රණවක මහතා මොණරාගලින් සහ මාතරින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර මව්බිම ජනතා පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේ හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතාද මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙනා අරුන්දතීට අසාදු ලකුණු.!

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙනා අරුන්දතීට අසාදු ලකුණු.!

අද (09) දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩිකා අරුන්දතී රෙඩ්ඩිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ තරඟ ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් හා අසාදු ලකුණක් දඬුවම් ලෙස නියම කළේය.

ඒ පාකිස්තානය සමඟ පැවති තරගයේදී ඇය විසින් පාකිස්තාන ක්‍රීඩිකාවකට ඇඟිල්ල දිගු කොට තර්ජනය කළ බවට චෝදනා කිරීම හේතුවෙනි.

වේග පන්දු යවනා දකුණත් ක්‍රීඩිකා රෙඩ්ඩිට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අසාදු ලකුණක් ලබාදුන් පළමු අවස්ථාව මෙයවූ අතර, වසර දෙකක කාලය තුළ ඇයගේ පළමු වරද මෙය විය.

ඇය ඉදිරියේදී තවත් අසාදු ලකුණු හතරක් එක් කර ගතහොත් තරග තහනමකට ලක්වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහය අනුව භාෂාව, ක්‍රියාව හෝ අභිනය භාවිත කොට අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඇයට එරෙහි මේ දඬුවම තරග තීරක දකුණු අප්‍රිකානු ජාතික ෂැන්ඩ්‍රි ෆ්‍රිට්ස් මහත්මිය විසින් යෝජනා කළ අතර, එයට රෙඩ්ඩි අවනත විය.

කෙසේවෙතත් කඩුලු තුනක් දවාගැනීම හේතුවෙන් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

ජනපති අනුරගේ වැඩපිළිවෙළට ස්විට්සර්ලන්ත රජයේ උපරිම සහාය.!

ජනපති අනුරගේ වැඩපිළිවෙළට ස්විට්සර්ලන්ත රජයේ උපරිම සහාය.!

අද (09) දින ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) ජනාධිපති කාර්යාලයේදී හමුවිය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය සුබ පැතුම් එක් කළ තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් ස්විට්සර්ලන්ත රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිරිනැමීය.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය කැපවී සිටින බව තහවුරු කළ තානාපතිනිය, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දූෂණයට එරෙහිව දරනු ලබන උත්සාහයන් සඳහා සහාය වීමට ස්විට්සර්ලන්තය සූදානම් බවද අවධාරණය කළාය.

සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ස්විට්සර්ලන්තයේ විශේෂඥතාවද ඇය විසින් මෙහිදී අවධාරණය කරනු ලැබූ අතර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍රයන්හි සහය ලබාදිය හැකි බවද ප්‍රකාශ කළාය.

එසේම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රම සංක්‍රමණය යන ක්ෂේත්‍රයන් මෙහිදී විශේෂ අවධානයට ලක් වූ අතර එම ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාවේ හැකියාවන් තව දුරටත් වර්ධනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ සහාය ලබා දෙන බවට තානාපතිනි සිරි වෝල්ට් පොරොන්දු විය.

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සහ පාලන කටයුතුවල ගුණාත්මක බව ප්‍රවර්ධනය කරලීම අරමුණු කොටගත් ස්විට්සර්ලන්තයේ අඛණ්ඩ සහයෝගීතාව මෙහි දී තානාපතිනිය විසින් තව දුරටත් තහවුරු කරන ලදී.