Attention (Sinhala)

දායාද බෙදා දී රනිල් විශ්‍රාම ගනී.!

දායාද බෙදා දී රනිල් විශ්‍රාම ගනී.!

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා (02) සිදුකළ සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිවන වන සන්ධානයට තමා නායකත්වය ලබා දුන්නද මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

විපක්ෂය වශයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය විසින් ඒ සඳහා සමගි ජන බලවේගයට ආරාධනා කළ නමුත් සමගි ජන බලවේගය එම ආරාධනය ප්‍රතික්ෂේප කළේය.

ඉන්පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පොදු සන්ධානයක් පිහිටුවා මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කෙරිණි.

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියට ආ ජනපති කළ කතාව.! [Video]

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියට ආ ජනපති කළ කතාව.! [Video]

දිගු නිහඬියාවකින් පසු මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ (03) කෘෂිකර්ම ඉඩම් පසු සම්පත් වාර්මාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගත්තා.

අනතුරුව ජනාධිපතිවරයා අමාත්‍යංශ නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවූ අතර එහිදී ඉදිරි වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නිළධාරීන් වෙත උපදෙස් ලබා දුන්නා.

එහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් ජනතාවට සේවල ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දුන් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනීසිටිනා බවට සහතිකයක් ලබා දුන්නා.

එම වීඩියෝ පටය,

දිලිත් ජයවීර විපක්ෂ නායක පුටුවට.?

දිලිත් ජයවීර විපක්ෂ නායක පුටුවට.?

මේ වනවිට ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය වටා විශාල වශයෙන් විපක්ෂ දේශපාල​නඥයින් එකතු වෙමින් සිටිති.

විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, ගෙවිඳු කුමාරතුංග දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ, ඇතුළු තවත් ප්‍රධාන දේශපාල​නඥයින් පිරිසක් මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා සිටිනා අතර අද ඒ සඳහා තවත් චරිත දෙකක් එක් විය.

අද (03) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරියක් වන අතර ඇය මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.

මීට අමතරව චමිඳු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.

සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

ලක්ෂ 144ක අයිස් තොගයක් අල්ලයි.!

ලක්ෂ 144ක අයිස් තොගයක් අල්ලයි.!

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය මගින් සිදු කළ වැටලීමකදී අහුංගල්ලේ සංජීවගේ ගෝලයෙකු විසින් ඇසුරුම් කරමින් සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ වැලිපැන්න ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අදාළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  900කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි 44 ලක්ෂයකට අධික බව පැවසේ.

වැලිපැන්න වළගෙදර ප්‍රදේශයේ පදිංචි ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව මනු කියවන්නෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මෙලෙස අත් අත්අඩංගුවට පත්වී ඇත.

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සහතිකයක්.!

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සහතිකයක්.!

අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටිනා බවයි.

එමෙන්ම ජනතාව වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් හිමි වූ සාම්ප්‍රදායික දේශපාලන පලිගැනීම් වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා සහතික විය.

එහිදී කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් බවත් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉන්දික අනුරුද්ධගේ සොහොයුරා අත්අඩංගුවට.!

ඉන්දික අනුරුද්ධගේ සොහොයුරා අත්අඩංගුවට.!

හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (01) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන ජාතික ව්‍යාපාරිකයකුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කළ සිද්ධිය සම්බන්ධ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා බව වාර්තා වේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාට ද චෝදනා එල්ල වී ඇත.

ඉකුත් 2022 වර්ෂයේදී කටාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ඕමාන් ජාතික ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට කඩාවැදී ඔහුට අමානුෂික ලෙස පහරදී දේපොළ විනාශ කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ බාල සොහොයුරුට චෝදනා එල්ලවිය.

ප්‍රහාරයට හේතු වී තිබුණේ මෙම ව්‍යාපාරිකයාට අයත් ඇඟලුම් කම්හලේ ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් බව පැවසේ.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන බාරවූ අතර කඳාන පොලිසිය මගින් මීට ඉහතදී සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

කෙසේවෙතත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු රාජ්‍ය ඇමැතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට පමණ පසුවයි.

පිරිමිකම කපා මේසය මත තබා 27 හැවිරිදි තරුණයා ගෙල වැළලාගෙන.!

පිරිමිකම කපා මේසය මත තබා 27 හැවිරිදි තරුණයා ගෙල වැළලාගෙන.!

හබරණ දුම්රිය පොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි පදිංචි අවුරුදු 27ක තරුණයෙක් සියදිවි හානි කරගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මෙම සියදිවි නසා ගැනීම තමන් සිතාමතාම සිදු කරන බවත් එයට කාගේ හෝ මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක් ද ලියා පසුව තම රහසඟ පිහියකින් කපා වෙන් කොට මේසයක් මත තබා අනතුරුව ගෙල වැළලාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මියගිය තරුණයා යම් මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවට වාර්තා වන අතර ඔහුගේ මෘත ශරීරය මරණ පරීක්ෂාව සඳහා පොළොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මහ බැංකු ලොක්කන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරයි.!

මහ බැංකු ලොක්කන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරයි.!

අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඇත.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකු විශ්‍රාම වැටුපට හිමිකම් කියනු නොලැබේ.

එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුක් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුවයි.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය නැවත ක්‍රියාක්මක කෙරුණි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්බන්ධයෙන් තීරණයක්.!

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්බන්ධයෙන් තීරණයක්.!

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවක් ලබා දීම සඳහා අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

අජිත් රෝහණ මහතා දැනට නැගෙනහිර පළාත භාරව කටයුතු කරනා අතර ඔහු බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ සැළැස්මක් ඇතයි වාර්තා වේ.

ඊට අමතරව මුදල් විශුද්ධිකරණ ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන පී අම්පාවිල මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමටද නියමිත බව වාර්තා සඳහන් වේ.

සජබ පරාජයට හේතු වූ දූෂිතයින් ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්.!

සජබ පරාජයට හේතු වූ දූෂිතයින් ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනනේ සමගි ජනබලවේගය ගත් ඇතැම් වැරදි සහගත තීන්දු පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට මූලික වූ බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දෙකඩ වීමත් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ලෙසින් හොඳින් සංවිධානගතවීම සහ ස්ථානගතවීමත් එම පරාජයට හේතුවූ බව ඔහු පවසයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ සමාජයේ දැඩි විවේචනයන් සහිත පුද්ගලයින් සජබ වටා එක් රැස් කරගැනීමෙන් පිරිසිදු දේශපාලන පක්ෂයක් දූෂණය වූ බවයි.

කෙසේවෙතත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ධූර 113ක බහුතර බලයක් ලබා ගැනීම තම කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවද සිල්වා මහතා සඳහන් කළේය.

ඊයේ (02) රාත්‍රියේ ප්‍රචාරය වූ ගුවන්විදුලි වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.