Attention (Sinhala)

ඉන්දීය ළමා රෝහලක ගින්නක්.. අලුත උපන් බිළිඳුන් 6ක් ජීවිතක්ෂයට.!


ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ළමා රෝහලක ඊයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.

අලුත උපන් බිළිඳුන් දොළොස් දෙනෙකු ගින්න අතරතුර මුදාගෙන ඇති නමුත් ගින්නෙන් බිලිඳුන් හය දෙනෙකු මිය ගිය බව දිල්ලි ගිනි නිවීමේ සේවා ප්‍රධානී අතුල් ගාර්ග් මාධ්‍ය වෙත පැවසීය.

බේරාගත් එක් බිළිඳෙකුගේ තත්ත්වය බරපතල වන අතර අනෙක් පස් දෙනා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. බේරාගත් ළදරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන්ගේ උප්පැන්න වාර්තා ගින්නෙන් විනාශ වී ඇති බව පැවසේ.

දිල්ලි ගිනි නිවන සේවා පැවසුවේ ඊයේ රාත්‍රී 11:32 ට ලැබුනු ඇමතුමක් අනුව ගිනි නිවන රථ 9ක් එම ස්ථානයට කඩිනමින් පිටත්කල බවයි.

තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ගින්න ඒ අසල තවත් ගොඩනැගිල්ලකට පැතිර ඇති බවත් මේ වනවිට එය පාලනය කර ඇති බවත් පැවසේ.

ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගාර්ග් මහතා පැවසීය.

මෙවැනිම 2021වසරේ බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

ඉන්දියාවේ බිහිසුණු ගින්නක්.. කුඩා දරුවන් ඇතුළු 24ක් ජීවිතක්ෂයට.!

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් දරුවන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වනවිට එම ස්ථානයේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර රොයිටර් පුවත් ඒජන්සිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ වෙත අදහස් දක්වමින් ප්‍රාන්ත නගරාධිපතිවරයා කියා සිටියේ,

“අපගේ අවධානය යොමු වී ඇත්තේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ ජීවිත බේරා ගැනීමටයි. මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අපි සහතික වෙනවා”

නිවාඩු සති අන්තයක් වූ බැවින් ගින්න හටගන්නා විට එම ස්ථානයේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් සිටි බව පැවසේ.

මියගිය පුද්ගලයන්ගේ සමහර සිරුරු ද හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව පැවසේ,

මේ අතර, දිස්ත්‍රික් ප්‍රධාන ගිනි නිවන හමුදාවේනුසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මේ වනවිට ගිනි නිවන භටයින් ගින්න බොහෝ දුරට පාලනය කර ඇති බවත් ගිනි ඇතිවීමට හේතුව තවමත් අනාවරණය කර ගෙන නොමැති බවත්ය.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) කැඳවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු රාජ්කොට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

ගුජරාට් යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රාන්තයයි.

සිදුවීම සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් මෝඩි කියා සිටියේ රාජ්කොට් හි ඇති වූ ගිනි අනතුරෙන් තමා අතිශයින් කම්පනයට පත්ව සිටිනා බවයි.

නින්දේ සිටි ගමක් භූමිදානය කළ මහා ඛේදවාචකයෙන් 300ක් අතුරුදන්.!

පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවනු ඇතැයි විදෙස් වාර්තා පවසන අතර නිවාස 1000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා අලුයම 3.00 ට පමණ මෙම නාය යෑම සිදු වන විට සමස්ත ගම්වාසීන්ම පාහේ නිදා සිට ඇති බව පැවසේ.

විපතට පත් ගම්මාන වෙත හදිසි සේවා ළගා වීමට ඇති අපහසුතාවයන් නිසා සහන සේවා කටයුතු තවදුරටත් ප්‍රමාදවනු ඇති බව බලධාරීන් පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ සේවකයින් කටයුතු කරමින් සිටියද ප්‍රධාන මාර්ගවලට සහ අධිවේගී මාර්ග ප්‍රවේශයට හානි සිදුව ඇති බැවින් එම ප්‍රදේශයට ප්‍රවේශ විය හැක්කේ හෙලිකොප්ටරයකින් පමණක් බව පැවසේ.

කෙසේ වෙතත්, නාය ගිය ස්ථානයට ළඟා වීමට වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් යුත් කුඩා කණ්ඩායම් කිහිපයක් සමත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමරිකානු කණ්ඩායම බංගලීන් ඇකයට ගනී.!

සංචාරක බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති පළමු 20-20 තරඟයෙන් කඩුලු පහකින් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකා කණ්ඩායමට හැකි විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංගලි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත්තේ ලකුණු 153ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායම කඩුළු පහක් පමණක් දැවී පන්දු තුනක් ඉතිරිව තිබියදී ඉලක්කගත ලකුණු ප්‍රමාණය සපුරා ගත්තේය.

මෙම සිදුවීම සුවිශේෂී වනුයේ, පළමු වතාවට 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ඇමරිකානු කණ්ඩායම ටෙස්ට් ක්‍රීඩා කරන රටක් වන බංග්ලදේශය පරදා ජයග්‍රහණය කිරීමයි.!

අනතුර සැලැස්මක්, ජනතාව නොසන්සුන්.. ඉරානය යුද්ධය ප්‍රකාශ කිරීමට සැරසෙයි.!

විදේස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවාසනාවන්ත මරණය දරාගත නොහැකි ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජනතාව එරට අගනුවර වන ටෙහරාන් නුවර වෙත ඒකරාශී වෙමින් සිටිනා අතර රට පුරාම ශෝකප්‍රකාෂ රැළි සංවිධානය වෙමින් පවතින බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට ඇමරිකාව වගකිය යුතු බව ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඇමරිකාව මූලිකව ඉරානයට සම්බාධක පැනවීමට මූලිකව කටයුතු කළ බවත්, ඒ හරහා ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමිණවූ බවත්‍ මේ සියලු කාරනා පිටුපස ඇමරිකාව සිටිනා බවත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම්න් පියවර ගන්නා බවත් ය.

ඉරාන ජනතාවගේ අපරාධ ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටක් ලෙස ඇමරිකාව නම් කළහැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඉරාන ජනපතිගේ අභාවයෙන් පසු එරට මීළඟ ජනපතිවරයා සම්බන්ධයෙන් අර්බුදයක්.!

ඊයේ (19) ඉරාන කඳුකර ප්‍රදේශයක සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව අද (20) තහවුරු වීමත් සමඟ එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරයාගේ හදිසි අභාවයකදී අන්තර්වාර ජනපතිවරයෙක් පත්කළ යුතු අතර ඒ සඳහා මේ වනවිට එරට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා පත්කිරීමට සිදුව ඇති බව සඳහන්.

68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් නම් පුද්ගලයෙකු එම තනතුර මේ වනවිට දරනු ලබන අතර ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් පසුව දින 50ක් තුළ ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතු අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් වන්නේ පාර්ලිමේන්තු කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා වේ.

නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැක්කේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය මත පමණක් වන අතර ඒ සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් උදාවී ඇති බව සඳහන්.

ඉරානය තුළ සිදුකෙරෙන ඕනෑම කටයුත්තක අවසාන තීරණය ගත යුත්තේ එරට අධ්‍යාත්මික නායකයා බව පැවසේ.

ජනපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බවට ඉරානයෙන් ප්‍රකාශයක්.!

ඉරානය රජයේ උසස් නිලධාරියකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ ගුවන් අනතුරකට ලක් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හා විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස තවදුරටත් ජීවතුන් අතර වෙතැයි බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති බවයි.

අනාවරණය වී ඇති තොරතුරු අනුව ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවද ඔහු සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කොට ඇත.

හෙලිකොප්ටර තුළ ගමන් ගත් සියලු දෙනා මිය යන්නට ඇතැයි සැක කළ හැකි බවද ඔහු පවසා ඇත.

යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඉරාන ජනපති ජීවිතක්ෂයට.? යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් හමුවේ.!

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි ඩ්‍රෝන් මෙහෙයුමක් මඟින් ඉරාන ජනාධිපති රයිසි රැගත් හෙලිකොප්ටරයේ කොටස් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් සඳහන් කර ඇත්තේ එම තොරතුරු තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසල්වැසි අසර්බයිජානයේ විවෘත කිරීමේ උත්සවයකට අසර්බයිජාන ජනපතිවරයා සමග ඊයේ (19) සහභාගී වීමෙන් අනතුරුව නැවතත් ඉරානය වෙත හෙලිකොප්ටර් රථ පෙළකින් පැමිණෙමින් සිටියදී අදාල ප්‍රදේශයේ දැඩි මිදුම් තත්වයක් තිබී ඇති අතර, එවන් තත්වයක් පැවතියත් ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටර් රථ තුන නොකඩවා ධාවනයේ යෙදී ඇති බවයි.

එහිදී ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බවට සැක කෙරේ.

ඉරාන ජනපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමග තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ආරක්ෂාව සපයමින් ගමන් කර ඇති නමුත්, එම හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ඉරානයේ ටබ්රිස් නම් ගමනාන්තය වෙත ලඟා වී ඇතත්, ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් කල හෙලිකොප්ටරය පිළිබඳ මේ වනතුරු හෝඩුවාවක් නොමැති බව සඳහන්.

මේ වනතුරු ඉරාන රජයෙන් නිල වශයෙන් හෙලිකොප්ටර් යානය සොයාගැනීම සම්බන්ධව නිශ්චිත නිවේදනයක් නිකුත් කර නොමැත.

වැසි සහ සුලං තත්වය අඛණ්ඩව.. වැස්ස මි.මි 100 ඉක්මවයි.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් ය.

බස්නාහිර,මධ්‍යම,සබරගමු මෙන්ම වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් කඩින් කඩ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතින්විය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්මවූ සබරගමුව වැසි ඇතිවිය හැකි බව සඳහන්.

විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං දිවයින හරහා ගමන් කරනු ඇති බව සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

හාර්ඩික් පාණ්ඩ්‍යා වැරදි ගොඩක පටලයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හාර්ඩික් පාණ්ඩ්‍යා හට තරඟ තහනමක් සහ දඩ මුදලක් නියම කර ඇති බව වාර්ථා වෙ.

ඒ අනුව හාර්ඩික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරඟ තහනමක් පනවා ඇති අතර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති නමුත් මෙවර තරඟාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව ඇත.