Foreign news (Sinhala)

ඉන්දියාවේ බිහිසුණු ගින්නක්.. කුඩා දරුවන් ඇතුළු 24ක් ජීවිතක්ෂයට.!

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් දරුවන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වනවිට එම ස්ථානයේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර රොයිටර් පුවත් ඒජන්සිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ වෙත අදහස් දක්වමින් ප්‍රාන්ත නගරාධිපතිවරයා කියා සිටියේ,

“අපගේ අවධානය යොමු වී ඇත්තේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ ජීවිත බේරා ගැනීමටයි. මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අපි සහතික වෙනවා”

නිවාඩු සති අන්තයක් වූ බැවින් ගින්න හටගන්නා විට එම ස්ථානයේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් සිටි බව පැවසේ.

මියගිය පුද්ගලයන්ගේ සමහර සිරුරු ද හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව පැවසේ,

මේ අතර, දිස්ත්‍රික් ප්‍රධාන ගිනි නිවන හමුදාවේනුසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මේ වනවිට ගිනි නිවන භටයින් ගින්න බොහෝ දුරට පාලනය කර ඇති බවත් ගිනි ඇතිවීමට හේතුව තවමත් අනාවරණය කර ගෙන නොමැති බවත්ය.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) කැඳවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු රාජ්කොට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

ගුජරාට් යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රාන්තයයි.

සිදුවීම සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් මෝඩි කියා සිටියේ රාජ්කොට් හි ඇති වූ ගිනි අනතුරෙන් තමා අතිශයින් කම්පනයට පත්ව සිටිනා බවයි.

කාලගුණය කැළඹෙයි.. ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු කිහිපයක්.!

කාලගුණ විපර්යාස හේතුවෙන් අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බව අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය සදහන් කරයි.

සාමාන්‍යයෙන් අත්ලාන්තික් සුළි කුණාටු සමය ආරම්භ වන්නේ ජූනි පළමු සතියේ වන අතර මෙවර කුණාටු සමයේදී කුණාටු 25කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය සදහන් කරයි.

එම කුණාටු අතරින් 85% ක් පමණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් කුණාටු 7ක් පමණ තෙවන මට්ටමේ හෝ ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩකාරී කුණාටු වනු ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

කෙසේ වෙතත් කුණාටු හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ කවර රටවලටද යන්න තවමත් පුරෝකතනය කළ නොහැකි බවද එම අධිකාරිය සදහන් කරයි.

ලෝකයම දන්නා සුරතලා මියයයි.!

ලෝකය පුරා ප්‍රසිද්ධ ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබෝසු නම් සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගය හේතුවෙන් මියගොස් ඇත.

මෙම කබෝසු සුනඛයා ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන අතර ජපානයේ සකුරා නගරයේ ළදරු පාසල් ගුරුවරියක් එම සුරතලාගේ හිමිකරු වේ.

එම සුරතලාගේ හිමිකරු සදහන් කළේ,

” කබෝසුට ආදරය කළ ඔබ සැමට, මැයි 24 දින උදෑසන, කබෝසු දේදුනු පාලම තරණය කළේය. වසර ගණනාවක් පුරා ඔබ දැක්වූ සහයෝගයට බොහෝම ස්තූතියි. ඇය දුක් විඳීමකින් තොරව ඉතා සාමකාමීව, මගේ දෑත් ඇයව හුරතල් කරන විට නින්දට වැටුණාක් මෙනි. මේ අවුරුදු ගණනාව පුරාම කබෝසුට ආදරය කිරීම ගැන ඔබ සැමට බොහොම ස්තුතියි.”

නින්දේ සිටි ගමක් භූමිදානය කළ මහා ඛේදවාචකයෙන් 300ක් අතුරුදන්.!

පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවනු ඇතැයි විදෙස් වාර්තා පවසන අතර නිවාස 1000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා අලුයම 3.00 ට පමණ මෙම නාය යෑම සිදු වන විට සමස්ත ගම්වාසීන්ම පාහේ නිදා සිට ඇති බව පැවසේ.

විපතට පත් ගම්මාන වෙත හදිසි සේවා ළගා වීමට ඇති අපහසුතාවයන් නිසා සහන සේවා කටයුතු තවදුරටත් ප්‍රමාදවනු ඇති බව බලධාරීන් පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ සේවකයින් කටයුතු කරමින් සිටියද ප්‍රධාන මාර්ගවලට සහ අධිවේගී මාර්ග ප්‍රවේශයට හානි සිදුව ඇති බැවින් එම ප්‍රදේශයට ප්‍රවේශ විය හැක්කේ හෙලිකොප්ටරයකින් පමණක් බව පැවසේ.

කෙසේ වෙතත්, නාය ගිය ස්ථානයට ළඟා වීමට වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් යුත් කුඩා කණ්ඩායම් කිහිපයක් සමත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි.!

ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගොලොම් හුසේන් ඉස්මයිලි සදහන් කරන ආකාරයට පසුගිය මැයි (19) වැනිදා ඉරාන ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් යානයට අමතරව තවත් හෙලිකොප්ටර් යානා දෙකක් පිටත්ව ඇති බවයි.

ගොලොම් හුසේන් ඉස්මයිලි සිටි හෙලිකොප්ටර් යානය ඉරාන ජනපතිවරයා සිටි යානයට පිටුපසින් ගමන් කළ ඇති අතර යානය පිටත්ව විනාඩි 45කට පසුව එම යානා තුනටම ජනාධිපතිවරයා ගමන් ගත් යානයේ නියමුවා වලාකුළු හේතුවෙන් අණ ලබාදී ඇත.

ජනාධිපතිවරයා ගමන් ගත් යානයේ නියමුවා එම හෙලිකොප්ටර් යානා තුනම ඉහළට ඔසවන ලෙසට නියෝග කළ බව කාර්ය මණ්ඩල ප්‍රධානී, ගොලොම් හුසේන් ඉස්මයිලි සදහන් කරයි.

උපුටා ගැනීම,

අපි වලාකුලු වලින් ඉහළට නැගිලා තත්ත්පර තිහක් විතර ගියා. අපේ නියමුවා හදිසියේම දැනගත්තා ජනධිපතිවරයා සිටි හෙලිකොප්ටර් යානය නැහැ කියල. ඉහළට යද්දී කිසිම අපහසුවක් හෝ අසීරුවක් දැනුනේ නැහැ. නියමුවා හදිසියේම ආපසු හැරුණා ඒ වෙලාවෙ මම ඇහුවා ඇයි කියල.ඔහු කිව්වා හෙලිකොප්ටර් යානයක් අතුරුදන් කියලා.

අපි හිතුවා ඒ වෙලාවේ යානය හදිසියේ ගොඩ බස්වන්නට ඇති කියල මොකද කිසිම රේඩියෝ සබදතාවක් තිබුනේ නැති නිසා. මම නියමුවාගෙන් ඇහුව අන්තිමට කතා කලේ කොයි වෙලාවෙද කියලා. ඔහු කිව්වා ජනාධිපතිවරයාගේ නියමුවා විනාඩි යයි තත්පර 30කට කලින් යානය ඉහළට ඔසවන්න උපදෙස් දුන් බව.

අවස්ථා කිහිපයක් උත්සාහ කළාට පස්සේ ජනාධිපතිවරයා සමග සිටි කැප්ටන්ගේ දුරකථනයට කෙනෙක් පිළිතුරු දුන්නා. ඒ ටැබිරිෂ් පළාතේ සිකුරාදා ඉමාමිවරයා වන අයතුල්ලා හෂීම්. ඔහු කිව්වා ඔහුට අමාරුයි කියල. වෙන මොකුත් කිව්වේ නැහැ.

මම ඇහුවා ඇත්තටම මොකක්ද වුනේ කියල. ඔහු කිව්වා ඔහු දන්නේ නෑ මොකක්ද වුනේ කියල. කොහෙද ඉන්නේ කියල ඇහුවාම දන්නේ නැහැ කිව්වා. ඔහුට පේන්න තියෙන දේවල් මොනවද කියල අපිට කිව්වා. ඒ කියන්නේ ඔහු වටේ තිබුන ගස් වගේ දේවල්. අනෙක් අයගේ තත්ත්වය ගැන අහුවම ඔහු කිව්වා ඔහු ඉන්නේ තනියම අනිත් අය පේන්න නැහැ කියල.

උපුටා ගැනීම අවසන්

ලොවම බලා සිටියදී ඉරාන ජනපති අවසන් ගමනේ.!

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ නිල අවමංගල්‍ය කටයුතු අද (23) ටෙහෙරාන් අගනුවරදී පැවැත්වුණි.

ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසිට අවසන් ගෞරව දැක්වීම සදහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බිර්ජන්ඩ් නගරයට රැස්වී සිටි අතර දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී සිදු කෙරුණි.

පසුගිය 2021 වසරේ ඉරාන ජනාධිපති ලෙස පත් ආචාර්ය රයිසිට ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට එක්වූ රාජ්‍යය නායකයින් අතරේ හමාස් නායක ඉස්මයිල් හනියේද සිටියේය.

ඇමරිකානු කණ්ඩායම බංගලීන් ඇකයට ගනී.!

සංචාරක බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති පළමු 20-20 තරඟයෙන් කඩුලු පහකින් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකා කණ්ඩායමට හැකි විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංගලි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත්තේ ලකුණු 153ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායම කඩුළු පහක් පමණක් දැවී පන්දු තුනක් ඉතිරිව තිබියදී ඉලක්කගත ලකුණු ප්‍රමාණය සපුරා ගත්තේය.

මෙම සිදුවීම සුවිශේෂී වනුයේ, පළමු වතාවට 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ඇමරිකානු කණ්ඩායම ටෙස්ට් ක්‍රීඩා කරන රටක් වන බංග්ලදේශය පරදා ජයග්‍රහණය කිරීමයි.!

කොල්කටා අවසන් මහා තරගයට.!

IPL 2024 තරගාවලියේ play off වටයේ පැවති තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සියලුදෙනා දැවී ලකුණු 159ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 04ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

එම ජයග්‍රහණයත් සමඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත.

ඊශ්‍රායල හමුදාව දරුණු ප්‍රහාරයක් එල්ල කරයි.!

ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරයෙන් 07 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ජෙනින් නගරයේ ක්‍රියාත්මක හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය සදහන් කරයි.

එම ප්‍රහාරයෙන් සේවාස්ථාන කරා යමින් සිටි වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 07 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුර සැලැස්මක්, ජනතාව නොසන්සුන්.. ඉරානය යුද්ධය ප්‍රකාශ කිරීමට සැරසෙයි.!

විදේස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවාසනාවන්ත මරණය දරාගත නොහැකි ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජනතාව එරට අගනුවර වන ටෙහරාන් නුවර වෙත ඒකරාශී වෙමින් සිටිනා අතර රට පුරාම ශෝකප්‍රකාෂ රැළි සංවිධානය වෙමින් පවතින බවයි.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට ඇමරිකාව වගකිය යුතු බව ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඇමරිකාව මූලිකව ඉරානයට සම්බාධක පැනවීමට මූලිකව කටයුතු කළ බවත්, ඒ හරහා ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා අමතර කොටස් මිලදී ගැනීම් සඳහා බාධා පැමිණවූ බවත්‍ මේ සියලු කාරනා පිටුපස ඇමරිකාව සිටිනා බවත් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කඩිනම්න් පියවර ගන්නා බවත් ය.

ඉරාන ජනතාවගේ අපරාධ ලැයිස්තුවේ ඉහළින්ම සිටින රටක් ලෙස ඇමරිකාව නම් කළහැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.