08
Oct
By unusuma.lk on (LK time) පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. ඒ අනුව පසුගිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය, ජාතික ජන සභා ලේකම් කාර්යාලය, කෘෂි කර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මකවීම අත්හිටුවා ඇත. ඒ සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදුන් බවද අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. ජාතික ජන සභා ලේකම් කාර්යාලය සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්…