No use

නෙළුම් කුලුනෙන් පාසල් සිසුවියක් වැටෙයි.!

නෙළුම් කුලුනෙන් පාසල් සිසුවියක් වැටෙයි.!

By unusuma.lk on (LK time) කොළඹ නෙළුම් කුලුනේ ඉහළ සිට පහළට වැටීමෙන් ජාත්‍යන්තර පාසලක බව කියන සිසුවියක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම සදහන් කරයි. මියගිය සිසුවිය කාගේ කවුද.? කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද.? යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇත. එම ප්‍රදේශය මේ වනවිට තහනම් කලාපයක් ලෙස නම් කර ඇති අතර මෙම සිසුවිය නෙළුම් කුලුනෙන් පහළට වැටුණාද.? පැන්නා ද.? යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරයි.
Read More
අල්ලස් ලොක්කා ඉල්ලා අස්වෙයි.!

අල්ලස් ලොක්කා ඉල්ලා අස්වෙයි.!

By unusuma.lk on (LK time) අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායකට බාරදී ඇති බව වාර්තා වේ. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමක කණිෂ්ක විජේරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත.
Read More
නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි.!

නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි.!

By unusuma.lk on (LK time) මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බව අධිකරණය හමුවේ පෙනී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නේය. පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව නිලන්ත ජයවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම නඩුකරය අද දහවල් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර්…
Read More
පොලිස් නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි.!

පොලිස් නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි.!

By unusuma.lk on (LK time) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවී ඇත. මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු සිදුකළ දැනුම්දීමකට අනුව අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල වගුරු බිමක තිබී එම පොලිස් නිලධාරියාගේ සිරුර හමුවී ඇත. මියගොස් ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකු වන අතර එම මරණය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Read More
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්.!

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්.!

By unusuma.lk on (LK time) ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබාදීමට අනුමැතිය ලැබී ඇත. අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් විසින් ඊට අත්සන් තැබීය. මෙම මූල්‍ය පහසුකම ලබාදීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරෙන බව ජනාධිපති…
Read More
නිවැරදි තොරතුරු ලබාදෙන්න.. ජනතාවට දැනුම්දීමක්.!

නිවැරදි තොරතුරු ලබාදෙන්න.. ජනතාවට දැනුම්දීමක්.!

By unusuma.lk on (LK time) අද (07) දිනයේ සිට ජන හා නිවාස සංගනනය සදහා පුද්ගලයන්ගේ සහ නිවාසවල තොරතුරු රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙවර සංගනනයක් සිදු කරන්නේ වසර 12 කට පසුව බැවින් නිවෙස් වෙත පැමිණෙන නිලධාරින් වෙත නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න ජනතාවට දැනුම්දීමක් කරයි. මෙම සංගනනය සඳහා නිලධාරින් 30,000කට වැඩි පිරිසක් යොදවා ගැනීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂක ජනරාල් අනෝජා සෙනෙවිරත්න තවදුරටත් සදහන් කළාය.
Read More
අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

By unusuma.lk on (LK time) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සදහන් මැතිවරණ කාර්යන් සඳහා වූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට්‌ පත්‍රයක් නිකුත් කර ඇත. රටේ පිළිගත් දේශපාලන පක්ෂ 83ක් සදහා මේ වනවිට වෙන් කරදී ඇති අනුමත ලකුණු 83 හා එලෙස වෙන්කරදී නොමැති අනුමත ලකුණු 115ක් ප්‍රකාශයට පත්කර ඇත. මේ වනවිට වෙන්කරදී ඇති ලකුණු අතර නාගයා ද වන අතර වෙන්කරදී නොමැති ලකුණු අතර ඉස්සා, කකුළුවා, පොකිරිස්සා, මීයා, බකමූණා, බෝතලය, ඉබ්බා, කිඹුලා ආදී ලකුණු සදහන් වේ.
Read More
හිටපු මැති ඇමතිලා අධිවේගයත් අවභාවිතා කරලා.!

හිටපු මැති ඇමතිලා අධිවේගයත් අවභාවිතා කරලා.!

By unusuma.lk on (LK time) පසුගිය රජයන් සමයේ හිටපු මැති ඇමතිලා ඇතුළු නිලධාරීන් "එස් පාස්" විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් අධිවේගී මාර්ගය භාවිතා කරමින් රුපියල් ලක්ෂ ගණනාව අලාභයක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ. වසර ගණනාවක් තිස්සේ දිනකට වාහන 150 - 200ත් අතර ප්‍රමාණයක් මුදල් ගෙවීමකින් තොරව දිනකට ගමන් කිරීමෙන් මේ වනවිට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවී ඇති අතර නව ජනපතිවරයා බලයට පත්වීමත් සමඟම එයට තිත තැබීමට හැකිවී ඇත. අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කළ හැකි වන්නේ ජනාධිපති, අගමැති, මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු වාහන සහ ගිලන් රථවලට පමණයි.
Read More
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් නිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණයට.!

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් නිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණයට.!

By unusuma.lk on (LK time) මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගෙන කටයුතු කිරීම ගැන ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව කරුණු දැක්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට අද (07) පැමිණ ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස කලින් නියම කර තිබුණේය. කෙසේ වෙතත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට නිලන්ත ජයවර්ධන අපොහොසත් වීම හේතුවෙන් අධිකරණය විසින් කළ නියෝගය පරිදි…
Read More
අනුර, සජිත්, රනිල්ට කොමිසම අනතුරු අඟවයි.!

අනුර, සජිත්, රනිල්ට කොමිසම අනතුරු අඟවයි.!

By unusuma.lk on (LK time) මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බවයි. එම අපේක්ෂකයින් 38 දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇත්තේ අපේක්ෂකයින් හතර දෙනෙක් පමණක් බවද කොමිෂන් සභාව නිවේදනය කර ඇත. සිය වියදම් වාර්තා මේ වනවිට ඉදිරිපත් කර ඇත්තේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කළ අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය නියෝජනය කර තරග කළ මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක පේමසිරි මානගේ සහ කේ. ආනන්ද කුලතිලක පමණක් බව මැතිවරණ කොමිසම සදහන් කරයි. මැතිවරණ වියදම් වාර්තා ලබානොදුන් ජනාධිපති…
Read More

We are happy to invite you.