අමෙරිකානු CIA කාර්යාලයක් ශ්‍රී ලංකාවේ.. රහසිගත තොරතුරු හෙළිවෙයි.!

අමෙරිකානු CIA කාර්යාල හෝ කඳවුරු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත්, ඉන්දියාවේ සහ පකිස්ථානයේත් පවත්වාගෙන ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනය සම්බන්ධ තොරතුරු සහිත රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධ කළේය.

මෙම ලිපිගොනුවල සඳහන් කරුණු උපුටා දක්වමින් රුසියානු RT රූපවාහිනීය X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ, අමෙරිකාව විසින් ලෝකයේ ඇතැම් රටවල්වල රහසිගත CIA කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවයි.

අමෙරිකාව රටවල් රැසක් තුළ CIA සීක්‍රට් බේස් හෙවත් බ්ලැක් සයිට්ස් පවත්වාගෙන ගොස් ඇති අතර අදාළ ලිපිගොනුවලට අනුව ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේත් මෙලෙස CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගිය බව සදහන් වේ.

තවද ඉන්දියාවේ නවදිල්ලි සහ කොල්කටා නගරවලත් පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරයේත් ජපානයේ ටෝකියෝ නගරයේත් මෙලෙස CIA කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගිය බව සදහන් කරයි.

Loading

One Comment

(Hide Comments)
  • Wasantha

    March 23, 2025 / at 1:47 am

    අනේ මෙහෙම තන්හාවක්

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...