හදිසි ගින්නක් අනුරාධපුර මාර්කටි පෙදෙසේ පිහිටි සිවි මහල් වෙළදසල් කිහිපයක හටගෙන ඇතැයි අනුරාධපුර පොලිසිය සදහන් කරයි.
මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ගින්න පැතිරීම වේගත් බවත් එක් කඩකාමරය ඇති වූ ගින්න අසළ තිබුණු තවත් වෙළඳසැල් කිහිපයක පැතිර ගිය බවද පොලිසිය සදහන් කරයි.
මෙම හදිසි ගින්න මැඩ පැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් දැඩි වෙහෙසක් ගන්නා බවද පොලිසිය සදහන් කරයි.
මෙම හදිසි ගින්න ඇතිවීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවද වාර්තා වේ.