ජනතාවට වස කවන්න ගිය බටර් කිලෝ 10,000ක් සමග කන්ටේනර් 10ක් අත්අඩංගුවට.!

තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපනයනය සදහා ගබඩාකර තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10,000 සහ දේශීය වෙළෙද පොළට බෙදා හැරීමට තිබු විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පැකටි එකක කිලෝ 5 බැගින් පැක්කර තිබු කල් ඉකුත් වු  බටර් පැකටි 2000 ක් ගබඩා 04ක තිබියේදි සොයාගත් බවත් ගබඩා 04 ටත් කල් ඉක්තු වු තෙල් හා මේද ආශ්‍රිත නිෂ්පාදන වු බටර්,ගී.මාජරීන්,පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුලු විවිධ ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබු අඩි 40 බහාලුම් 10 කටත් සීල් තැබිමට කටයුතු කළ බවද වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

කල්ඉකුත් වු ආහාර ද්‍රව්‍ය වෙළෙද සැල් වලින් ලබාගෙන යළි කර්මාන්තශාලාව වෙත ගෙනැවිත් නිෂ්පාදිත විවිධ ආහාර ද්‍රව්‍ය පැකට්වල නිෂ්පාදිත දිනය මෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර නැවත වෙළෙද පොලට නිකුත් කිරීමට ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇතැයි සැක කෙරෙණ තවත් බහාලුම් 08ක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සීල් තැබිමට කටයුතු කළ බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS