ගැබිනියන් සහ නූපන් දරුවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක්.!

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය අනුව දරු ප්‍රසූතිය සඳහා ගැබිනි මවුවරුන්ට හොඳ කායික හා මානසික සෞඛ්‍යයක් අවශ්‍ය බව බොහෝ දෙනාගේ මතය වන අතර පවුල තුළ බොහෝ විට ගැබිනි කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් දක්වයි,

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල, ඔවුන් ඔවුන්ගේ මානසික යහපැවැත්ම සඳහා දුක්ඛිත හෝ කලබලකාරී ප්‍රවෘත්ති වලින් ආරක්ෂා කරයි. කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවල කාර්යබහුල ජීවන රටාවන් සහ විවිධ ආර්ථික හා සමාජීය කරුණු නිසා ගැබිණි කාන්තාවන්ගේ මානසික සුවය බොහෝ විට නොසලකා හැරේ.

මෙරට නාගරික වටපිටාව තුළ ජීවත්වන ගැබිනි මවුවරුන් සංගීතයෙන් සනසාලීම අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහනක Nonames Collective සංගීත කණ්ඩායම හා කලා එකතුව නියැළී සිටියි. එහි පුරෝගාමියා වන සංජීව සෙනවිරත්න මාද්‍ය වෙත සිය වැඩසටහන සමබ්න්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්.

“අපි එකතුවක් විදිහට Nona med collective එක හදගන්නකොට අපි කල්පනා කළා අපට කලාවෙන් මොකක්ද සමාජයේ කරන්න පුලුවන් වෙනස කියලා. එතැනදී අපට අවශ්‍ය වුණා ගොඩක් කතා කරනවා වෙනුවට ගොඩක් වැඩ කරන්න. මමත් බිරිඳත් ජීවත් වෙන්නේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව. ඉතින් බිරිඳ ගර්භනී කාලයේ දී මම එයාට ඇහෙන්න සංගීහ භාණ්ඩ වාදනය කළා, සින්දු කිව්වා. මේ දේවල් එයාට වගේම දරුවටත් හොඳ බව දැනුණා,” ඔහු විස්තර කළේ ය.

ඔහු ඇතුළු කණ්ඩායමට ‘Music for the Unborn’ සඳහා මුල් අදහස පැමිණ ඇත්තේ ඒ ආකාරයෙන් ය.

“අපි කටින් කතා කරන දේවල්වලට වැඩිය දෙයක් සංගීතය ඇසුරින් කරන්න පුළුවන්. Nonames සංගීත කණ්ඩායම පටන් ගත්ත කාලයේ පටන් අපි විවිධ අත් හදා බැලීම් කළා. සිංදු කිව්වා. කවි කිව්වා. සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය වුණ ‘මල්ලිකා මිස්ට මාව මතකද?’ කවිය නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීමත් එහි එක ප්‍රයත්නයක්,” සංජීව විස්තර කළේ ය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS