ක්ෂණික වැස්සකින් ගාල්ල යටවෙයි.!

අද දහවල් ගාල්ල නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් ගාල්ල නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.

පැවති වර්ෂා තත්ත්වය මේ වන විට අවසන් වී ඇති නමුත් තවදුරටත් වර්ෂාව ඇදහැලීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ගාල්ල නගරයේ බොහෝ ස්ථාන සහ මහාමාර්ග ජලය පිරීම හේතුවෙන් අවහිර වී ඇති බව වාර්තාවේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close