රුසියාවට යුක්රේන යුද්ධයෙන් අවාසිදායක තත්ත්වයක් ඇති වී පරාජය වුවහොත් එය න්‍යෂ්ඨික යුද්ධයක් ඇති කිරීමට හේතුවක් වනු ඇති බව රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් නේටෝ සංවිධානයට අනතුරු අගවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ උප සභාපති මෙඩ්විඩෙව් ද කියා සිටියේ, පිළිකුල් සහගත, පාහේ ෆැසිස්ට් පාලන තන්ත්රය ඉවත් කර රට මුලුමනින්ම හමුදාකරණය කරන තෙක් මොස්කව් යුක්රේනය තුල සිය යුද්ධය ඉදිරියට ගෙන යන බවයි.
බටහිර රටවලට සාමයක් අවශ්‍ය නැති බවත් යුක්රේනයට අවි ආයුධ ලබා දීමෙන් ඒ බව පැහැදිලි වන බවත් මේ හේතුවෙන් රුසියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයකට යාමට පසුබට නොවුණු ඇති බවද හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කරයි.
ලොව විශාලතම න්‍යෂ්ටික බලවතුන් වන රුසියාව සහ එක්සත් ජනපදය ලෝකයේ න්‍යෂ්ටික යුධ ශීර්ෂවලින් 90% ක් පමණ දරයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යනු න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ අවසාන තීරණ ගන්නා තැනැත්තා වේ.
-අනුරාධ වාසල