අනුර

ෆොන්සේකා හොරෙක් අල්ලගෙන.. අනුර හොරණ හොල්ලයි.!

ෆොන්සේකා හොරෙක් අල්ලගෙන.. අනුර හොරණ හොල්ලයි.!

“පුනරුදයට රටම එකට” යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (29) හොරණ නගරයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් එම පක්ෂය නායකයින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරයෙකුගේ පුතෙක් නොවීමට නාගරික මන්ත්‍රීවරයෙකු හෝ වීමට තරම්වත් සුදුසුකමක් නැති පුද්ගලයෙක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක,

“සජිත් ප්‍රේමදාස ජනාධිපති ප්‍රේමදාසගේ පුතෙක් නොවුනානම් මොකක් වෙයිද, ඔහු මෙම ජනාධිපතිවරණයට තරග වදින්නත් එම කඳවුරට නායකත්වය දෙන්නත් එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතා වීමයි. ඇත්තටම ඔහු ප්‍රේමදාසගේ පුතා නොවුනානම් මම හිතන්නේ මේ හොරණ නගර සභාවේ නාගරික මන්ත්‍රධූරයකටවත් සුදුසු නැති පුද්ගලයෙක්.

එයා ගැන දැන් කතා කරන්නෙ එයාගෙම පක්ෂේ සභාපති සරත් ෆොන්සේකා, ඒක ඇහුවොත් ඇති. අපි එයා ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නෑ. මොකද මට මතකයි සජිත් ප්‍රේමදාස එක වෙලාවකදී කිව්වා සරත් ෆොන්සේකාට තමයි එයාගේ ආණ්ඩුවේ හොරු අල්ලන වැඩේ භාර දෙන්න කියලා. එතකොට පාක්ෂිකයෝ අත්පුඩි ගැහුවා. ෆොන්සේකා වැඩේ කරන්න තමයි එන්නේ කියලා.

නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ. ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලගෙන, කැසිනෝ සල්ලි ගැන කතා කරනවා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන අපි කතා කරලා වැඩක් නෑ.

නමුත් අපි කතා කළයුතු කඳවුරක් තියෙනවා, ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ කඳවුර. රනිල් වික්‍රමසිංහ තමයි ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවදීලා ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත් කරලා පැරණි විනාශකාරී ගමනෙම මේ රට අදගෙන යන්නේ.

ඔහු පහුගියදා පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා ජනාධිපතිවරයාට වෙන් කරපු මුදල් වලට අමතරව කෝටි 875ක් වෙන් කර ගත්තා. මුළුමනින්ම රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබෙනවා එම මුදල් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න.

Loading

අනුරට ලන්ඩනයෙන් උණුසුම් පිළිගැනීමක්.!

අනුරට ලන්ඩනයෙන් උණුසුම් පිළිගැනීමක්.!

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික ජන බලවේගය පාක්ෂික හමුවක් ආමන්ත්‍රණය කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අනුර කුමාර දිසානායක 13 වනදා Heathrow ගුවන්තොටුපලින් ලන්ඩන් නගරයට ළඟා විය.

එහිදී එරට වෙසෙනා ජාතික ජන බලවේගය පක්ෂිකයින් අනුර කුමාර දිසානායක උණුසුම් අන්දමින් පිළිගත් බව වාර්තා වේ.

එමෙන්ම ඔහු අද (ජූනි 15 වෙනිදා) පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි.


Loading

සජිත් දුන් දිනය අපි ස්ථිර කළා,  දැන් සද්දයක් නෑ… එයාල හිතුවෙ අපි එකඟ නොවෙයි කියලා.!

සජිත් දුන් දිනය අපි ස්ථිර කළා, දැන් සද්දයක් නෑ… එයාල හිතුවෙ අපි එකඟ නොවෙයි කියලා.!

ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූවේ ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය  පැවැත්වීම සඳහා තම පක්ෂ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස වෙත දිනය ස්ථිර කර දැන්වූවද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

මෙරට පුවත්පතකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කර තිබුනි.

නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් සඳහන්කර තිබුනේ, විවාදය සඳහා අපි යෝජනා කළ දිනවලට විපක්ෂ නායකවරයා එකඟ නොවූවත් ස.ජ.බ ලබාදුන් දින සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවයි.

අවසාන වශයෙන් ජයතිස්ස මහතා කියා සිටියේ, එම ලබාදුන් දින ජාතික ජන බලවේගය විසින් බාෆ නොගනී යන උපකල්පනය මත එම ශින ලබාදෙන්නට ඇති බවයි.

Loading

ව්‍යාපාර වලට තිත.. අනුරගෙන් තවත් සහතිකයක්.!

ව්‍යාපාර වලට තිත.. අනුරගෙන් තවත් සහතිකයක්.!

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගය නායක පා.ම අනුර කුමාර දිසානායක කියා සිටියේ, තම පක්ෂය බලයට ආ පසුව තමා ඇතුළු පක්ෂයේ ඉහළ මණ්ඩලවල කිසිවෙකු ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන බව සහතික වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපි හොටෙල් දාන්නෙ නෑ, පතල් කපන්න එන්නෙ නෑ, වැලි ගොඩ දාන්නෙ නෑ, බාර් ගන්නෙ නෑ, පෙට්‍රල් ශෙඩ් ගන්නෙ නෑ අපි මේ රටේ ව්‍යාපාරිකයන්ට යහපත් ලෙස ව්‍යාපාරවල නිරතවීමට පරිසරය සදල දෙන්නම්, ඔබ මේ රටේ ධනය උත්පාදනය කරන්න”

එමෙන්ම ඔහු කියා සිටියේ ඔහු විස්වාස කරනා ආකාරයට රජයක මූලික වගකීම වනුයේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම බවත් තම ඥාතීන් බලා ගැනීම නොවන බවත් ය.

Loading

විවාද පොරය අවසන්.. මාලිමාව නිල වශයෙන් ඉවත් වෙයි.!

විවාද පොරය අවසන්.. මාලිමාව නිල වශයෙන් ඉවත් වෙයි.!

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියාසිටින්නේ සමගි ජනබලවේගයට මීට පෙර දැනුම්දී තිබූ ආකාරයටම 20වැනිදාගෙන් පසුව එම විවාදය පැවැත්වීමට තම පක්ෂය එකඟ නොමැති බවයි.

හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා වෙත එම ස්ථිර කිරීමේ ලිපිය ලැබී තිබුනේ ඊයේ (19) පස්වරුවේ බවත්, 20 වැනිදාට පෙර විවාදය පැවැත්වීම මූලික කොන්දේසියක් වන බවත් එම කොන්දේසිය කඩවීම මත 20 වැනිදාගෙන් පසුව විවාදය නොපැවැත්වෙන බවත් ය.

නමුත් සමගි ජනබලවේගය විසින් ජාතික ජනබලවේගයට යොමු කළ ලිපියේ දිනය සඳහන්ව තිබුනෙ 17 වෙනිදා ලෙස යි. එය නලින්ද ජයතිස්ස වෙත ලැබීමට දින දෙකකටත් අධික කාලයක් වැයවී ඇති බව පෙනී යයි.

එමෙන්ම ජාතික ජන බලවේගය පවසන්නේ සමඟි ජනබලවේගය විසින් විවාදය සඳහා 20 වැනිදායින් පසු දින හතරක් ලබාදී ඇති අතර , ඉන් පළමුව දින ලබාදී ඇත්තේ ආර්ථික කමිටු විවාදයට බැවින් ඒ සඳහා ද ජාතික ජනබලවේගය එකඟ නොවන බවයි

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබූ මුල් ලිපියේ සඳහන් කළ මූලික කාරණා 2ක් කඩවීම මත විවාදයෙන් ඉවත් වීමට ජාතික ජන බලවේගය තීරණය කල බව නලීන් ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.

Loading

අනුර සජිත් විවාදය තීන්දුයි.. ස.ජ.බ දින ලබාදෙයි.!

අනුර සජිත් විවාදය තීන්දුයි.. ස.ජ.බ දින ලබාදෙයි.!

සමගි ජන බලවේගය විසින් ලිපියක් මඟින් ජාතික ජන බලවේගය සහ ස.ජ.බ අතර යෝජිත විවාදය සඳහා දින තහවුරු කර තිබේ.

ස.ජ.බ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් එම ලිපිය යවා ඇති අතර එහි සඳහන්වන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බවයි.

එම ලිපිය මඟින් ජාතික ජන බලවේගයට දැනුම් දී ඇත්තේ මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් අතරින් පහසු දිනයක් තෝරා ගන්නා ලෙසයි.

එමෙන්ම පක්ෂ දෙකෙහි නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුලි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් සුදුසු බව ලිපිය මඟින් යෝජනා කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවයි.

Loading

එක්කෝ විවාදෙට සජිත් බයයි නැතිනම් සජිත් එනවට පක්ෂෙ බයයි.. පොඩි උන් ඉදිරියේ පුරසාරම් නොදොඩා වැඩේට එන්න.!

එක්කෝ විවාදෙට සජිත් බයයි නැතිනම් සජිත් එනවට පක්ෂෙ බයයි.. පොඩි උන් ඉදිරියේ පුරසාරම් නොදොඩා වැඩේට එන්න.!

මහ­නු­ව­රදී ඊයේ (16) මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජය­තිස්ස විපක්ෂ නාය­ක­ව­ර­යාට දැනුම් දුන්නේ, විවා­දය සඳහා මැයි 20 වැනි­දාට පෙර දින­යක් නොදෙන්නේ නම් ඈත ගම්මල ප්‍රාථ­මික පාස­ල්වල කුඩා දරු­වන් ඉදි­රි­යට ගොස් විවා­දය ගැන තව­දු­ර­ටත් පුර­සා­රම් නොදො­ඩනා ලෙසයි.

සමඟි ජන බල වේගය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ සජිත් විවා­ද­යට බය නිසාද නැත හොත් සජිත් විවා­ද­යට එන­වාට සජබ මන්ත්‍රී­ව­රුන් බය නිසාද යන්න තේරුම් ගැනී­මට නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බල­වේ­ගය විසින් පසු­ගිය අප්‍රේල් 25 දින කියා සිටියේ, මැයි 20ට පෙර ඕනෑම දින­යක අනුර කුමාර දිසා­නා­යක සජිත් සමඟ විවා­ද­යට සූදා­නම් බව ලිඛි­තව දැනුම් දුන් නමුත් විවා­දය සඳහා තවත් දින 2ක් පම­ණක් ඉති­රිව තිබි­ය­දීත් ඔවුන්ගේ නිහඬ බවෙන් පෙනී යන්නේ සජබ විවා­දය මඟ­හ­රිනා ආකාරය බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද ජය­තිස්ස කියා සිටියේ, සජබ ආර්ථික වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධව ඔවුන්ගේ සාමා­ජි­ක­යන් අත­රද පර­ස්ප­රතා තිබෙන බවත්, විදුලි බල මණ්ඩ­ලය පෞද්ග­ලී­ක­ර­ණය කිරී­මට ඉරාන් ලා පක්ෂ වෙද්දී තවත් අය විරුද්ධ වීමෙන් එය පෙනීයන බවත් ය.

ඉදි­රි­යේදී එලඹෙන්නේ ජනාධිපතිවරනයක් හේතුවෙන් වඩා වැද­ගත් වන්නේ අපේ­ක්ෂ­ක­යන් අතර විවා­ද­යක් පැවැ­ත්වීම බවත් විපක්ෂ නාය­ක­ව­රයා විවා­ද­යෙන් පැන ගොස් පාසල් දරු­වන් ඉදි­රි­පිට ආඩ­පාලි දොඩ­වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. .

Loading

සජිත් – අනුර විවාදය නැරඹීමට ජනතාවට නිවාඩු දිනයක්.!

සජිත් – අනුර විවාදය නැරඹීමට ජනතාවට නිවාඩු දිනයක්.!

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර යෝජිත විවාදය ජනතාවට නැරඹීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කරනා ලෙස තමා ජනාධිපති වරයාගෙන් ඉල්ලිම් කර ඇති බවයි, නමුත් ඔහු පෙන්වා දෙන්නේ විවාදය පැවැත්වීමට දෙදෙනාම බියක් දක්වන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අභියෝග බාර නොගන්නා නායකයින් රට ගොඩනගන්නේ කෙසේද යන වග ජනතාවට ප්‍රශ්ණයක් වී ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ, සජිත් අනුර දෙපාර්ශවයම මෙය සිදුකළ නොහැකි විවාදයක් බව හොඳින් දන්නා බවත්, විවාදය පැවැත්වුවහොත් එක් අයෙක් ගැඹුරු සිංහලත් අනෙකා ගැඹුරු ඉංග්‍රීසිත් කතා කරමින් එකිනෙකාට නොතේරෙන ආකාරයේ විවාධයක් ජනතාවට නැරඹීමට සිදුවන බවත් ය.


 

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close