ගෑස් මිල

ගෑස් මිල අඩුකරයි.. නව මිල මෙන්න.!

ගෑස් මිල අඩුකරයි.. නව මිල මෙන්න.!

අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් මිල පහත හෙලීමට ලිට්‍රෝ සමාගම විසින් තීරණය කර ඇත.

නව මිල සංශෝධනය අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු වෙනු ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස වාර්තා වේ.

ගෘහස්ථ කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල අඩුවී ඇත්තේ රුපියල් 18කින් බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close