විවාදය

අනුරගේ ඒකපාර්ශවීය විවාදයේ තිර පිටපත ඡායාරූප සහිතව මරික්කාර හෙළි කරයි.!

අනුරගේ ඒකපාර්ශවීය විවාදයේ තිර පිටපත ඡායාරූප සහිතව මරික්කාර හෙළි කරයි.!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පසුගියදා ස්වාධින රුපවාහිනිය ඔස්සේ විකාශය වූ ඒකපාර්ශවීය විවාදය පිළිබඳවද අදහස් දැක්වීය.

ස්වාධීන රුපවාහිනියේ සභාපතිවරයා ජාතික ජන බලවේගය විධායක සභික ලාල්කාන්ත සමඟින් සිටිනා ඡායාරුපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ ඔවුන් විසින් නිර්මාණය කළ තිර පිටපතකට අනුව එම ඒකපාර්ශවීය විවාදය පැවැත්වූ බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ,

මෙම විවාදය පැවැත්වෙන්නේ ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර නිසා අප ඔවුන්ව දැනුම්වත් කළේ මේ සඳහා ස්වාධින නිරීක්ෂකයන් අවශ්‍ය බවටයි.

ඒ සඳහා සජබ විසින් යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. එමෙන්ම එම විකාශය සියලු මාධ්‍ය ආයතන සඳහා විවෘත කරන ලෙස සජබය යෝජනා කර තිබියදී ආණ්ඩුව යටතේ පවතින මාධ්‍ය ආයතනයක එය විකාශය කිරීමත් ඊට අනුර කුමාර දිසානායක මහතා සහභාගීවීමත් කැපිපෙනෙන සිදුවීමක්.

එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා අභියෝග කළේ හැකිනම් ආර්ථික කමිටු විවාදයද ඒ හා සමානවම පවත්වන ලෙසයි. සමගි ජන බලවේගය විසින් ආර්ථික කමිටු විවාදය යෝජනා කළ දිනයෙන් පසු තමා මෙරට කිසිදු මාධ්‍යයක විවාදයක හෝ සාකච්ඡාවක සුනිල් හඳුන්නෙත්ති මහතා නොදුටු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ස්වාධින රුපවාහිනියේ සභාපතිතුමන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු බවත්, විවාදය මෙහෙයවූ මාධ්‍යවේදියා රාජපක්ෂවරුන් හා සම්බන්ධව සිට සිරගත වූ චරිතයක් බවද මන්ත්‍රීවරයා සිහිපත් කර දෙන ලදී.

ජනාධිපති උපදේශකවරුන්, ජවිපෙ හා එක්ව සංවිධාන කළ විවාදයකට ආරාධනා කර පමණින් අප සහභාගී විය යුතු නැතැයි මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Loading

කයිතෝනායක පුතානෝස්කා විවාදේස්කා බැරිගාතෝ.!

කයිතෝනායක පුතානෝස්කා විවාදේස්කා බැරිගාතෝ.!

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ත්‍රී රෝද රථ හිමිකරුවන්ගේ බදුලු සමුලුව ජුනි 08 බදුල්ල රිවර් සයිඩ් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

මේ අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මාහාචාර්ය රුවන් රණසිංහ, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභිකයින් වන නීතිඥ ආරියපාල හේවගේ, නන්ද හපුගොඩ, ප්‍රියන්ත වරුෂමාන සහ ප්‍රදේශයේ ත්‍රී රෝද හිමිකරුවන් විශාල ප්‍රමාණයක් එක් විය.

එහිදී උත්සව අවස්ථාව අමතමින්, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විවාදයක් සඳහා මුලින්ම ආරාධනා කළේ අනුර දිසානායක 2023 වසරේ බවයි.

නමුත් විපක්ෂ නායකවරයා කිසි විටෙකත් විවාදයකට සහභාගී නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතාට එවැනි ඉතිහාසයක් නොමැති බවත් ඔහු පැවසීය.

ඉතිහාසය පුරා සජිත් ප්‍රේමදාස මහතා සිදුකර ඇත්තේ රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වී නිවේදකයා සමඟ සාකච්ඡාවන් පැවැත්වීම පමණක් බවද ඔහු පැවසීය.

ඔහු කියා සිටියේ විවාදය සඳහා ලැබුනු ආරධනාව මත තම පක්ෂ නායකයා ස්වාධීන රූපවාහිනිය වෙත සහභාගී වූ බවත් සජිත් ප්‍රේමදාස මහතාද පමිණෙන බවට ලිපියකින් දන්වා නොපැමිණ මගහැරි බවත්ය.

එහිදී ඔහු විපක්ෂ නායක වරයා අනුකරණය කරමින් කියා සිටියේ,

“ඔය ළමයා විවාද එහෙම කරළා තියෙනවද, විවාද කරන හැටි දන්නවද, මමනම් දන්නවා, අපේ කණ්ඩායම විවාද කරලා තියෙනවා, මම විවාද කරනහැටි කියන්නද, කයිතෝනායක පුතානෝස්කා විවාදේස්කා බැරිගාතෝ..ඇඳයට සැඟවෙය් නම්දෙස්කා..තැන තැන නම්දොඩවාස්..මම ජාතා.. මම උගතා..ඇඳයට කුදගායී..”

හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ මෙරට කිසිදු රාජ්‍යය හෝ පුද්ගලික මාධ්‍ය ආයතනයක් ස්වාධීන නොවනා බවත් සෑම ආයතනයකම දේශපාලන අරමුණක් පවතින බවත්‍න්‍ය.

Loading

විවාදයේ වංචාවක් කළැයි සජිත් පිල CID යයි.!

විවාදයේ වංචාවක් කළැයි සජිත් පිල CID යයි.!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා රාජ්‍ය රූපවාහිනී ආයතනයක ඒකපාර්ශ්වික සංවාදයකට සහභාගි වූ අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පෙර සූදානම් කරන ලද ආකාරයේ ඇඟවෙන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායම් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විපක්ෂ නායකවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර එම විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටි බව ලිපියෙන් අඟවා ඇති බව පැවසේ.

මීට පෙර අවස්ථාවකදී විපක්ෂ නායකවරයා ජාතික ජන බලවේගය සමග විවාදය ප්‍රතික්ෂේප කළ බව ඇඟවෙන ආකාරයේ තවත් ලිපියක් සම්බන්ධයෙන්ද එම පැමිණිල්ලේ කරුණු දක්වා ඇත.

ව්‍යාජ ලිපි දෙක පිළිබඳව වහාම විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ නීතිඥ සංගමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ගොනු කළේය.

එම සංගමය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්වින් සිරිවර්ධන එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඔහු කියාසිටියේ සජිත් ප්‍රේමදාස වෙත සාධාරණය ඉටුවේ යැයි බලාපොරොත්තුවෙන් මෙම පැමිණිල්ල සිදු කළ බවයි.

Loading

අනුර සජිත්ට අණතුරු අඟවයි.. ආයෙ බොරු පාට් එපා.!

අනුර සජිත්ට අණතුරු අඟවයි.. ආයෙ බොරු පාට් එපා.!

ඊයේ දිනයේ (6) ITN නාලිකාවේ සංවිධානය කර තිබූ අනුර-සජිත් විවාදය සඳහා සහභාගී වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පමණි.

වැඩසටහන ආරම්භයේදී අනුර කුමාර දිසානායක පැවසූවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට විවාදය සඳහා සහභාගී වීමට තවදුරටත් අවස්ථාව පවතින බවත් සජිත් ප්‍රේමදාස සහභාගී වේ නම් තමා එළිවෙනකම් හෝ බලා සිටීමට සූදානම් බවත්ය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයටහෝ ප්‍රතිචාර නොදක්වා සිටිනා බව ITN කාර්ය මණ්ඩලය පැවසූ අතර එතුමා නොපැමිණීම මත විවාදය සංවාදයක් ලෙස වෙනස් කිරීමට තීරණය විය.

එහිදී අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වෙත අනතුර අඟවමින් කියා සිටියේ තවදුරටත් විවාදය පිළිබඳ කයිය ගැසීමෙන් වළකිනා ලෙසයි.

“සජිත් නැති නිසා අපි මේ විවාදය ගැන නැවත සාකච්ඡා කිරීම හෝ එතුමා ගැන කතා කිරීම සාධාරණ නෑ. එතුමන් නෑනේ අනිවාර්යෙන් එහෙමනම් අපිට අද මේක මුකුත් කරන්නෑ කියලා මෙතනින් අවසන් කරගන්න පුළුවන්, එහෙම නැත්නම් මගේ තව යෝජනාවක් තියෙනවා ඔබතුමාලාත් එයා ටයිම් එක වෙන් කරලා තියෙනවා, මමත් කාලය වෙන් කරලා තියෙනවා, අවුරුදු තුන හතරකට පස්සේ මම මේ නාලිකාවට ආවෙත්, ඒ නිසා අපිට අර ඔබ කිව්වා විවාදයක් වෙනුවට අපි අතර සංවාදයක් කරමු.

නමුත් මෙතනින් එහාට ආයෙ විවාද ගැන කතාකරන්න එපා, අද ඕනෙනම් එලිවෙනකම් වෙලාව තියනවා එතුමට එන්න, මම එලිවෙනකම් හෝ ඉන්නම්, එතුමා නොනිදන නායකයා නිසා එන එක ප්‍රශ්නයකුත් නැතිවෙයි, හැබැයි අපිනම් නොනිදන නායකයෝ නෙවේ, මම හොඳට නිදාගන්න කෙනෙක්.

ආයෙ ඉස්කෝලවලට ගිහිල්ලා බයද සැකද චන්ඩිද කියලා පාට් දාන්න එපා. මම මේ කරුණාකරලා කියන්නේ, මේක ලෙඩක්, මෙතනින් පස්සේ එතුමා එක්ක මට විවාදයක් නෑ.”

Loading

අනුර සජිත් මහා විවාදය අද රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනියෙන්.!

අනුර සජිත් මහා විවාදය අද රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනියෙන්.!

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වී ඇති ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර යෝජිත විවාදය අද (06) දිනයේ පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව වාර්තා වේ.

ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපි දෙකක් මගින් අනුර සහ සජිත් පාර්ශවයන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ, (06) වැනිදා රාත්‍රී 10.00ට ස්වාධීන රූපවාහිනී HD මැදිරිය තුළ යෝජිත විවාදය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

සභාපතිවරයාගේ ලිපියට පිළිතුරු දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ලිපියක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අද දිනයේ විවාදය සඳහා සූදානම් බවයි.

එමෙන්ම එම විවාදය සඳහා සමග ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් ද යන්න තම පක්ෂය වෙත කඩිනමින් දැනුම් දෙන ලෙසත් නලින්දි ජයතිස්සගේ අත්සනින් යුත් එම ලිපිය මඟින් ITN සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එම ලිපියට නැවතත් පිළිතුරු ලිපියක් සපයමින් ITN සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමසා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙත යැවූ ලිපිය සඳහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

කෙසේ වෙතත් ස්වාධීන මාධ්‍ය ජාලය සඳහන් කරන්නේ අද (06) දිනයෙහි එම විවාදය සඳහා පක්ෂ නායකයින් සහභාගී වේ නම් විවාදය පැවැත්වීමට තම ආයතනය සූදානම් සිටිනා බවයි.

Loading

සජිත්ගෙන් ජන බලවේගයට ආර්ථික විද්‍යා උපකාර පන්ති.!

සජිත්ගෙන් ජන බලවේගයට ආර්ථික විද්‍යා උපකාර පන්ති.!

සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කලේ, ජාතික ජන බලවේගයට ආර්ථික වැඩපිළිවෙළක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුම ඇති කණ්ඩායමක් නොමැතිනම් ඒ සඳහා උපකාරක පන්ති හෝ පවත්වා උපකාර කිරීමට තමන් සූදානම් බවයි.

වීරකැටිය ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියාසිටියේ ජන බලවේගය සතුව දැනුම ඇති ආර්ථික කණ්ඩායමක් නොමැති හෙයින් විවාදය මඟහැරීමට කටයුතු කළ බවයි.

Loading

විවාද පොරය ජය පරාජයෙන් තොරව අවසන්.. ජන බලවේගය නිල වශයෙන් ඉවත්වෙයි.!

විවාද පොරය ජය පරාජයෙන් තොරව අවසන්.. ජන බලවේගය නිල වශයෙන් ඉවත්වෙයි.!

ජාතික ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැවසුවේ තම පක්ෂය සූදානම් සමගි ජන බලවේගය සහ ජාතික ජනතා බලවේගයේ නායකයින් අතර විවාදයකට පමණක් බවයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) ආර්ථික කමිටු අතර විවාදය සඳහා දිනයක් ලබාදෙන ලෙස සමගි ජනබලවිගය විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ජාතික ජන බලවේගයට යොමුකළ ලිපියට පිළිතුරු ලබාදෙමින්.

ආර්ථික කමිටු විවාදය ගැන කිසිදු සඳහනක් නොකර ජාතික ජන බලවේගය ආර්ථික කමිටුවේ සහ නායකත්ව විවාද දෙකම නොපවත්වා අවධානය වෙනතකට යොමු කිරීමට සැලසුම් කර ඇති බව පෙනී යන බවද නලීන් බණ්ඩාර මෙම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුනි.

මේ සම්බන්ධයෙන් අද ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද ජයතිස්ස කියා සිටියේ තම පක්ෂය සූදානම් නායකයින් අතර සාකච්ඡාවකට පමණක් බවයි.

Loading

සජිත් අහිංසකයෙක්.. එතුමට කරදර කරන්න එපා මම එන්නම් විවාදෙට.!

සජිත් අහිංසකයෙක්.. එතුමට කරදර කරන්න එපා මම එන්නම් විවාදෙට.!

අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මව්බිම ජනතා පක්පක්ෂයේ නායක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර කියා සිටියේ, 6 වැනිදා යෝජිත විවාදය සඳහා සජිත් ප්‍රේමදාසට කරදර නොකරනා ලෙසත් එතුමා අහිංසකයෙක් බවත්ය.

එමෙන්ම ඉහු වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක සමඟ තමාට සාකච්ඡාවක් අවශ්‍ය බවත් සජිත් නොඑනා විවාදයට දිලිත් ජයවීර සහභාගී වීමට කැමති බවත්ය.

තමා අනුර කුමාර දිසානායකගෙන් කිසිදු අමාරු ප්‍රශ්නයක් නොඅසනා බවත් නමුත් ඔහුට තමාගෙන් නයා ගැන, පැණිය ගැන සහ ඇන්ටිජන් ගැන කොන්දේසි විරහිතව ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි බවත් දිලිත් ජයවීර පැවසීය.

Loading

සජිත් දුන් දිනය අපි ස්ථිර කළා,  දැන් සද්දයක් නෑ… එයාල හිතුවෙ අපි එකඟ නොවෙයි කියලා.!

සජිත් දුන් දිනය අපි ස්ථිර කළා, දැන් සද්දයක් නෑ… එයාල හිතුවෙ අපි එකඟ නොවෙයි කියලා.!

ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසූවේ ලබන මස 6 වෙනිදා යෝජිත විවාදය  පැවැත්වීම සඳහා තම පක්ෂ නායක අනුර කුමාර දිසානායක කැමැත්ත පළකරමින් විපක්ෂ නායක සජිත් පේමදාස වෙත දිනය ස්ථිර කර දැන්වූවද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

මෙරට පුවත්පතකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කර තිබුනි.

නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් සඳහන්කර තිබුනේ, විවාදය සඳහා අපි යෝජනා කළ දිනවලට විපක්ෂ නායකවරයා එකඟ නොවූවත් ස.ජ.බ ලබාදුන් දින සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවයි.

අවසාන වශයෙන් ජයතිස්ස මහතා කියා සිටියේ, එම ලබාදුන් දින ජාතික ජන බලවේගය විසින් බාෆ නොගනී යන උපකල්පනය මත එම ශින ලබාදෙන්නට ඇති බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close