තලාව පොලිස් ස්ථානාධිපතිගේ හිසට මන්නා පහරක්.!

තලාව පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් තලාව, සුමුදුගම ප්‍රදේශයේ පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් තිප්පොළක් වැටලීම සඳහා ගිය අවස්ථාවේදී එහි රැඳී සිටි පිරිසක් සමගින් ආරවුලක් ඇති වී තිබුණි.

එහිදී එම තිප්පොලේ රැඳී සිටි පිරිසන් තලාව පොලිසියේ නිලධාරීන්ට රාජකාරී කටයුතු සඳහා බාධා කර ඇති අතර පසුව එම නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සිදුවීම තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම දැනුවත් කිරීම අනුව වහාම ක්‍රියාත්මක වූ තලාව පොලීසිය ස්ථානාධිපතිවරයා පොලිස් ජීප් රියේ එම ස්ථානයට පැමිණ එම ආරවුල සමථයකට පත් කර ඇති බව වාර්තාවේ.

ඉන් පසුව ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ස්ථානාධිපතිවරයාගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙක් මන්නා පහරක් එල්ල කර ඇත.

එම මන්නාපහරින් ස්ථානාධිපතිවරයාගේ හිසට සහ වම් අතට දැඩි කැපුම් තුවාල සිදුව ඇති බව සඳහන්.

පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ස්ථානාධිපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තලාව සුමුදුගම ප්‍රදේශයේ පදිංචි වයස 31ත් 49ත් අතර පසුවන කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close