කුඩා ළමුන් අතර මේ දිනවලදී අත් පා මුඛ රෝගය (Hand foot mouth Disease) පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
මෙම මුඛ රෝගී තත්ත්වය ළමුන් අතර ඉතා වේගයෙන් පැතිර යා හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කරයි.
පෙර පාසල් වියේ පසුවන දරුවන් සහ පාසල් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය වැඩිපුරම පැතිරෙමින් පවතින බවද වෛද්‍යවරුන් සදහන් කරයි.