තොග සහ සිල්ලරට කුඩු බෙදූ හුරිගස්වැව අක්කා පොලිස් දැලේ.!

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී හුරිගස්වැව අක්කා නමින් ප්‍රචලිත 36 හැවිරිදි කාන්තාවක් රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ, අදාල කාන්තාව විසින් දැනට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර නැමැත්තාගේ මත් කුඩු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තොග වශයෙන් බෙදා හරිනා බවට තොරතුරු ලැබේ ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි.

අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ, රැවුල් කුමාර නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ලබා ගන්නා මත්කුඩු මෙම කාන්තාව විසින් නාවික හමුදා සෙබළෙකු සමග එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වෙත තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කර ඇති බවයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS