පසුගිය යුද සමයේදී ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අද (03) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සිදුකරයි.
එළඹෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචි කරුවන් වෙත ලබාදෙන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කරමින් ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
රටේ පසුගිය යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු 09ක රැඳී සිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර 13ක් බෙදා දීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.