අපි මේ රටේ උන්මාදයක් හදනවා.. අනුර අනුරපුර හොල්ලයි.!

පසුගියදා NPP Youth විසින් සංවිධානය කළ අනුරාධපුර තරුණ රැලිය සහ Youth Vibes ප්‍රසංගයට සහභාගි වෙමින් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, වර්තමාන තරුණ පරපුර විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් සඳහා අයදුම් කරනවා වෙනුවට, ඇමතිවරයා පසුපස ගොස් විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ඉල්ලා සිටිනවා වෙනුවට තරුණයාට ව්‍යවසායකයෙක් ලෙස නැගී සිටිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ උන්මාදයක් මේ රට තුළ ඇති කරනා බවයි.

වර්තමාන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට ඇති ගැටළු වනුයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට ඇති අසීරුතාවය බව පෙන්වාදුන් දිසානායක මහතා ඊට විසඳුමක් ලෙස ජාතික ජන බලවේගය රජයක් යටතේ ඇප මුදල් රහිත මූලික ප්‍රාග්ධනය සැපයීම සඳහා සංවර්ධන බැංකුවක් පිහිටුවන බව අවධාරණය කළේය.

එම බැංකු පද්ධතිය හරහා හැකියාව සහ දක්ෂතාවය ඇති ඕනෑම තරුණ ව්‍යවසායකයකුට තම විභවතාවය පෙන්වාදී අදාළ ප්‍රාග්ධනය ලබා ගැනීමට අවස්ථාව උදාකර දෙන බව ඔහු සහතික විය.

එමෙන්ම ජාතික ජන බලවේගයේ රජයක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා මෙරට පිහිටුවා ඇති ආයතන සියල්ල ඒකාබද්ධ කර, එම ව්‍යවසායකයන් සඳහා දැනුම, තාක්ෂණය, වෙළඳපොළ සහ දත්ත ලබාදීමට සුවිශේෂී වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය.

වසරකට ලක්ෂ තුනක තරුණ පිරිසක් රැකියා වෙළඳපොළ වෙත පැමිණෙන බවත් එම සියලු දෙනාටම රජයේ රැකියා ලබාදීම ප්‍රායෝගික නොවන බවත් එම මානව සම්පත ව්‍යවසායකත්වය දක්වා රැගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බවත් දිසානායක මහතා පැවසීය.


Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close