Unusuma Editor

1282 Posts

රුසියා යුක්‍රේන සටන් බිමට මෙරට පිරිස් යැවූ යුද හමුදා ලොක්කෙක් මාට්ටු.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද දින (8) යුද හමුදාවේ හිටපු මේජ්ර් ජනරාල්වරයෙක් සහ හිටපු සාජන් මේජර්වරයෙක් අතඩංගුවට ගනු ලැබීය.

ඒ රැසියානු-යුක්රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස පිටත් කර හරිනා මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් අනාවරණය වූ හෝඩුවාවක් මතයි.

එලෙස අත්අඩංගුවට පත්වූයේ අවුරුදු 67 සහ 50 වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ ජිවත්වන හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු යුද හමුදා සාජන් මේජර්වරයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ඉහතදීද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවද වාර්තා වේ.

ඇස්ට්‍රාසෙනකා ඖෂධය මාරාන්තික බව තහවුරු වීමත් සමඟ ලොව පුරා බෙදාහැර තිබූ එන්නත් තොග ආපසු ගෙන්වීමට එම සමාගම පියවර ගනී.!

වර්තමානය වනවිට දැඩි කතාබහට ලක්ව ඇති ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ පිරිස් මාරාන්තික අතුරු ආබාධවලට ලක්වීම සහ රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වීම් ආදී සිද්ධීන් ගනනාවක් මේ වනවිට අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

එම මාරාන්තික අතුරු ආබාධ සම්බන්ධයෙන් විද්‍යාත්මක කරුණු තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් තොග ආපසු ගෙන්වා ගැනීමට ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇස්ට්‍රා සෙනකා සමාගම පවසා ඇත්තේ මුල් නිෂ්පාදනයේ සිදුවී ඇති ගැටළු නිවැරදි කරමින් එන්නත යවත්කාලීන කර , නව කොවිඩ් 19 වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවය.

එමෙන්ම ඉන්දියාවේ සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල්ව නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනකා එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නාමයෙන් වන අතර ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද ‘කොවිෂීල්ඩ්’ එන්නත්ය.

සුපිරි බාස්මතී බත් සුද්දොන්ට විතරයි.!

මෙරටට නැවතත් විදේශීය සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ රජය ඒ සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

පසුගිය පෙබරවාරියේ දී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුවූ හෙයින් පමණක් ආනයනික සහල් සඳහා රජය අවස්ථාවක් ලබාදුන් බවත් මේ වනවිට එසේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සඳහා පමණක් මෙරට නිෂ්පාදනය නොකරන විදේශීය සුපිරි බාස්මතී සහල් අවශ්‍යතාව අනුව ගෙන්වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අවුරුදු සතියේ විදුලි විසන්ධි කිරීම් සම්බන්ධව විදුලිබල මණ්ඩලයේ දැනුවත් කිරීම.!

සිංහල දමිළ අවුරුදු කාලසීමාව පුරාවට නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම් සහ වෙනත් අවශ්‍යතාවන් සඳහා විදුලි බිඳ වැට්ටවීම් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළේය.

ඒ අනුව අප්‍රේල් මස 22 වැනිදා දක්වා එලෙස විසන්ධි කිරීම් නවතා දමනු ඇති බව සඳහන්.

අලුත් අවුරුදු සමය තුළ ජනතාවට කිසිදු අවහිරතාවකින් තොරව තම එදිනෙදා කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් වතුරෙ යන්න පෙර දැනුවත් වෙන්න.!

සිංහල දමිළ නව අවුරුදු සමය තුල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ඉහළ ගොස් ඇති බවත්, ඒ සම්බන්ධව පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවත් පොලීසිය විසින් ජනතාව වෙත දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ ප්‍රධාන වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු තදාසන්න ප්‍රදේශවල මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ඉහළ ගොස් ඇති බවයි.

මුදල් පරිහරණයේදී මුදල් නෝට්ටුවල අසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසයි ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා ඇති පහත තොරතුරු යොදාගැනීමට ඔබට හැකිය.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට.!

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ සිට වයස අවුරුදු 4 ඉක්මවූ කිසිදු දරුවෙකු පෙරපාසැල් අධ්‍යාපන ලබා නොදී නිවසේ තබාගත නොහැකි බවයි.

ඉඩ කඩ ඇති හා වැසීගෙන යන සියලුම පාසල් වල පෙරපාසල් දරුවන් සඳහා එක් පංති කාමරයක් වෙන් කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ,

” අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අපි 01. 06, 10 නියම ව්‍යාපෘතිය ආරම්භ කරනවා තව සති කිහිපයකින්, අපි බලාපොරොත්තු වෙතවා මේ 13 වසර 12 වසරට ගෙන්න. 11වසර 10ට එනවා. ඒක එක රැයින් කරන්න බෑ. ලබන ජනවාරියේ ඉඳලා කිසිම දරුවෙක් අවුරුදු හතර සම්පූර්ණ නම් ගෙදර තියාගන්න බෑ.”

පාස්කු සැකකරුවන්ට පොලීසිය වැඳ සමාව ගත් හේතුව මෙන්න.!

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස 6කට වැඩි කාලයක් රඳවා තබා ගැනීම හරහා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේයැයි චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් , සෙනුල් ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන මුස්ලිම් ජාතිකයින් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීමේ සිද්ධිය වාර්තා වේ.

එස් තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවා තිබුණි.

මෙලෙස පාස්කු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට නිදහස් කර සිටින හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙක්ගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල බෞද්ධ ක්‍රමයට එම පිරිසට ආචාර කර සමාව ඉල්ලා සිටියේය.

මෙම සමාව ඇයදීම සිදුකර තිබුනේ එවක හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ පොලිස් නිළධාරීන් පිරිසක්.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගෙන් යලි ප්‍රශ්න කිරීම් නොකරන බවයි.

කෙසේවෙතත් සැකකාර පිරිස සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය විසින් තීන්දු කර ඇති පසුබිමක පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

විමල් වීරවංශ නිදොස්කොට නිදහස්.!

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් නඩු පැවරී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

එම නියෝගය ලබාදී තිබුනේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.!

ජීවිත 32,000ක් බිලිගත් ඊශ්‍රායල් ම්ලේච්ඡත්වය උග්‍ර වෙයි.. අල්-ෂිෆා රෝහල් ප්‍රහාරයෙන් පලස්තීනුවන් 400කට දිවි අහිමී.!

විදේශීය මාධ්‍ය වාර්තා වලට අනුව, අල්-ෂිෆා රෝහලට ඊශ්‍රායලය විසින් දින 13ක් පුරාවට එල්ල කරනා ප්‍රහාර හමුවේ, අවතැන් වූවන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය 400කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇත.


අල්-ෂිෆා රෝහල ආක්‍රමණය කිරීම අතරතුර පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල හමුදාවන්ට සහ සන්නද්ධ වාහනවලට මෝටාර් සහ රොකට් ප්‍රහාර රැසක් එල්ල කළ බව සදහන්.

කෙසේවෙතත් ඔක්තෝබර් 7 සිට ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 32,705 ක් මිය ගොස් 75,190 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම ඊශ්‍රායල් ප්‍රහාර සදහා හේතුව වන්නේ හමාස් සංවිධානය විසින් පසුගිය ඔක්තෝබර් 7 ඊශ්‍රායලය තුළ සිදුකල ප්‍රහාරයේදී 1139ක පිරිසක් ඝාතනය වීමයි.

වතුකර ජනතාවගේ සහාය රනිල් වික්‍රමසිංහට.!

අද (30) හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති වෘත්තීය පාඨමාලාවන් 15 ක් සම්බන්ධයෙන් පුහුණුව ලැබු තරුණ තරුණියන් 245 දෙනෙකුට සහතික පත්‍ර ලබාදීමේ උත්සවයක් පැවැත්වුනි.

එම අවස්ථාවට සහභාගි වෙමින් ජිවන් තොණ්ඩමන් ප්‍රකාශ කලේ, වතුකරයේ දැනට පවතින මූලික ගැටළු තුනක් පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සිදුකල සාකච්ඡාවේදී එම ගැටලු සදහා විසදුම් ලබාදිමට ජනාධිපතිවරයා එකග වු බවයි.

එම නිසා තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදිමට තමා තිරණය කල බව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කළේය.

We are happy to invite you.