ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් සංඛ්‍යාව 100,000 දක්වා අඩු කොට තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දැනට යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වන අතර එය එළඹෙන 2024 වනවිට යුද හමුදාවේ මුලු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000 දක්වා අවම කිරීමට නියමිතව ඇත.
එම උපායමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අවශ්‍යතාවලට සමගාමීව සියලුම අභියෝගයන්ට මුහුණ දීම සදහා තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් උපායශීලී හමුදාවක් නිර්මාණය කිරීමය.
ඒ අනුව එළඹෙන 2030 වනවිට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂය දක්වා අඩු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.