යාත්‍රාවක් මුහුදේ පෙරළීමෙන් 15ක් මියගොස් විශාල පිරිසක් අතුරුදන්.!

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට ඔබ්බෙන් අධික බර පැටවූ මගී යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදහන් වී ඇති බව සදහන් කරයි.

මෙම යාත්‍රාව මධ්‍යම රාත්‍රියේ පෙරළී ඇති අතර පරිපාලන දිස්ත්‍රික්කයක් වන බුටන් සෙන්ට්‍රල් හි එක් ගමක සිට තවත් ගමකට මිනිසුන් ගෙන එන අතරතුර මෙම අනතුර සිදුව ඇත.

මුහුදේ තවමත් අතුරුදහන් වූ පුද්ගලයින් 19 දෙනෙකු සොයා මුදාගැනීම් ක්‍රියාත්මක බවත් පුද්ගලයන් 6 දෙනෙකු බේරාගෙන ඇති අතර මළ සිරුරු 15 ක් සොයාගත් බවද සෙවීම් සහ ගලවා ගැනීමේ ආයතනය සදහන් කරයි.

අනතුර සිදුවීමට පෙර යාත්‍රාවේ පුද්ගලයන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රාදේශීය උත්සවයක් සඳහා ධීවර හෝ මගී බෝට්ටුවලින් ගමන් කර ඇති බවද එම ආයතනය සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close